Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොටින්ට එරෙහි වූ බ්‍රිගේඩියර් ලන්ඩනයේදී අත්අඩංගුවට?

බ්‍රිතාන්‍යයේ දෙමළ ජාතිකයන්ට මරණ තර්ජන එල්ල කිරීම සහ යුද අපරාධ සිදු කළ බවට චෝදනා කරමින් විනෝද ප්‍රියන්ත පෙරේරා සහ පල්ලියගුරුගේ නැමැති සිංහලයන් දෙදෙනා බ්‍රිෙග්ඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව වෙස්ට්මිනිස්ටර් අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් ඉල්ලා ඇත.

මෙම නඩුව ජනවාරි (21) දා විභාගයට ගැනීමට තීරණය වී තිබේ. එහෙත් බ්‍රිෙග්ඩියර්වරයා නඩුවට පෙනී සිටිම ප්‍රතික්ෂේප කර ඇත.

මෙම නඩුව විභාග වන අවස්ථාවට පැමිණෙන ලෙස කොටි ඩයස්පෝරාව බ්‍රිතාන්‍ය ඊළාම්වාදීන් ගෙන් ඉල්ලා තිබේ. ඩයස්පෝරා ක්‍රියාකාරිකයෙකු වූ මජුරන් සතානන්දන් විසින් ද මෙවානිම නඩුවක් වෙස්ට්මිනිස්ටර් අධිකරණය ඉදිරියේ පවරා තිබේ.

වන්නි මෙහෙයුමට සම්බන්ධ ජේෂ්ඨ හමුදා නිලධාරියෙකුට එරෙහිව විදේශයකදී පැවරූ දෙවැනි නඩුව මෙයයි. මෙම නඩුව සඳහා බ්‍රිතාන්‍ය චැනල් ෆෝ රූපවාහිනියේ වීඩියෝ පට සාක්ෂි ලෙස ඉදිරිපත් කර තිබේ.

රටින් පිටත ඊළාම් ආණ්ඩුව නැමැති සංවිධානය බ්‍රිෙග්ඩියර්වරයාට එරෙහි සඳහා ලන්ඩන් නුවර ඉහළම මුදලක් අය කරන නීතිවේදීන් දෙදෙනෙකුගේ සහය ලබාගෙන ඇත.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();