Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජාත්‍යන්තර මුල්‍ය අරමුල ලංකාට ණය දුන්නේ නැති හේතුව මහබැංකු අධිපති කියයි

මේ වසරේ පළමු කාර්තුව තුළ ණය ගෙවීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන දෙකක ජාත්‍යන්තර ස්වෛරි බැඳුම්කර නිකුත් කිරීමට අපේක්ෂා කරන බව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පසුගිය කාලයේ රට තුළ ගොඩනැගුණු දේශපාලන අස්ථාවරත්වය නිසා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුල ලබාදීමට නියමිතව තිබු ණය මුදලද අත්හිටවු බවයි’

ශ්‍රි ලංකා ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමයේ වාර්ෂික සැසිය ඊයේ (18) පස්වරුවේ මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රිජිත් කුමාරස්වාමි මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකා මහබැංකුවේ බැංකු අධ්‍යනය කේන්ද්‍රයේදි පැවැත් විය.

එම අවස්ථෘවේදි වැඩිදුරටත් අදහස් දැක්වු මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා,

“(අපි මේ වන විට අර්බුදයකට මුහුණ දි සිටිනවා. මං කිව්වා වගේ ඔක්තෝබර් 26 වැනිදා වෙනකොට අපි රාජකාරි මට්ටමේ එකඟතාවකට ඇවිත් හිටියා.

ඇත්තටම කිව්වොත් එදා හවස 6 ඉඳලා 7.20 දක්වා අපි හිටියේ දුරකථන ඇමතුමක. 7.15 – 7.30 අතරදි අපි එකඟතාවකට ආවා රාජකාරී මට්ටමේ .

බොහොම සතුටින් හිටියේ. මොකද IMF එක ඊලඟ සඳුදා වෙනකොට අපි එළඹි එකඟතාව පිළිබඳ ප්‍රකාශයක් කරන්න සුදානමින් හිටියා.

ඊට පැය දෙකකට පස්සේ IMF එකේ නිලධාරියෙක් මට කථා කරලා ඇහුවා මෙහේ මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ ඇය කිව්වා කණගාටුයි අපිට ඒ නිවේදනය නිකුත් කරන්න බැහැ කියලා. ඒ නිසා අපිට ඒ ගිවිසුම නැති වුණා.

පැහැදිලිවම ණය දීමේ හැකියාවක් ඇති තැනැත්තන් අපිට බැහැ කිව්වා. රටේ දේශපාලන තත්ත්වය පිළිබඳ හොඳ විශ්වාසයක් ඇති වෙනකම් ඒගොල්ලෝ ණය දෙන්න බැහැ කිව්වා. අපිට තවත් මාස 2 ක් නැති වුණා. ඒ මාස 2 නැති වුණ එකෙන් අපිට තවත් ලොකු පීඩනයක් එල්ල වුණා.

මොකද 2009 වසරේදි සමස්ත බාහිර සේවා ණය අමෙරිකානු ඩොලර් බිලියන 5.9 වුණ නිසා. ඒකෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2.6 ක් මේ වසෙර් පළවෙනි කාර්තුවේදි ගෙවීමට නියමිතව තියෙනවා.

ඒ හින්දා මේ මාස 2 ප්‍රමාදයයි තවදුරටත් එකතු වෙන විදෙස් ණය නිසා ලොකු අර්බුදයක් ඇති වෙනවා. වාසනාවකට වගේ මං හිතන්නේ ඒකෙන් එළියට එන්න පාරක් හොයා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.

ගිය සතියට කලින් අඟහරුවාදා කැබිනට් එක එකඟ වුණා ජාත්‍යන්තර ස්වෛරි බැඳුම්කර නිකුත් කරන්න අමෙරිකානු ඩොලර් බිලියන දෙකක. ඒකෙන් වැඩි කොටසක් ඩොලර්වලින් නාමකරණය සහිත ජාත්‍යන්තර ස්වෛරි බැදුම්කරවලින් උපයා ගැනීම තමයි අපේ අදහස. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා පැන්ඩා බැඳුම්කර හා සමුරායි බැඳුම්කර ඉහළ දමාගන්න.

අපි දැඩි වෙහෙසක් දරනවා මේ ඔක්කොම දේවල් ඉක්මණට කරගන්න. මොකද මහබැංකුවේ නිලධාරින්ගේ වගකිම තමයි සිදුවිය හැකි නරකම දේට වුණත් සුදානමින් සිටින එක.)”


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();