Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොහොට්ටුව- සිරිසේන හවුලට විරුද්ධ ශ්‍රීලනිප ආසන සංවිධායකයන් 25ක් ගෙදර .

SLFP-Logo1
පක්ෂ විනය  උල්ලංගනය  කරන  බවත් , පක්ෂ සමගිය  විනාශ කරන  බවත  යන  චෝදනා  පදනම්  කරගනිමින්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් 25  කට ආසන්න සංඛ්‍යාවක් ඉවත් කිරීමේ සූදානමක්   පවතින  බව  සදහන් වේ.පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙලට මුවාවී මෙසේ ඉවත් කිරීමට සූදානම් වන්නේ ජනාධිපති සිරිසේනට සහය නොදෙන බවට හඳුනාගත් පිරිසක් බවත් මේ සියළු දෙනා පසුගිය සමයේ රාජපක්ෂ පාර්ශවය පක්ෂයෙන් කොටසක් කඩාගෙන පොදුජන පෙරමුණ පිහිටුවන විට ඒ සමඟ එක්නොවී පක්ෂය ආරක්ෂා කරගෙන සිටි පිරිස බවද වැඩි  දුරටත්  සදහන් වේ.
පසුගිය ඔක්තෝබර් 26 දියත්වූ ව්‍යවස්ථා විරෝධී ආණ්ඩු කුමන්ත්‍රණයේදී මහින්ද රාජපක්ෂ අගමැති කිරීම සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පක්ෂය බිළිවීමට ඉඩදීම සම්බන්ධව විරෝධය දැක්වීම මේ පිරිසට ආසන සංවිධායක ධුර අහිමිවීමට යාමේ ප්‍රධාන හේතුවද  වී  ඇත.

The post පොහොට්ටුව- සිරිසේන හවුලට විරුද්ධ ශ්‍රීලනිප ආසන සංවිධායකයන් 25ක් ගෙදර . appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();