Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මීළඟ ඡන්දෙට කුලුඳුල් ඡන්ද ලක්ෂ 14ක් සූදානමින්

තරුණ තරුණියෝ ලක්ෂ දාහතරක් ඉදිරි මැතිවරණයකදී සිය කුලුඳුල් ඡන්දය පාවිච්චි කිරීමට සුදුසුකම් ලබා සිටිති. මෙම තරුණ ඡන්ද ඉදිරි ජනාධිපතිවරණයකදී හා මහ මැතිවරණයකදී ඉතා තීරණාත්මක බලපෑමක් කරනු ඇතැයි සංඛ්‍යා ලේඛන උපුටා දක්වන දේශපාලන විචාරකයෝ විශ්වාසය පළ කරති.

ජනාධිපතිවරණ හා මහ මැතිවරණ පවත්වන අතර කාල සීමා තුළ අලුත් ඡන්ද එකතුවීම සාමාන්‍යයක් වුවද මෙවර අලුත් ඡන්ද ලක්ෂ 14ක් පමණ අලුතින් එකතු වී ඇත.

නවීන තාක්ෂණික මාධ්‍ය මෙවලම්, සමාජ ජාල වෙබ් අඩවි ආදිය සමඟ ගනුදෙනු කරන මෙම තරුණ පිරිස මැතිවරණවලදී ගන්නා තීරණ කෙලෙස හැසිරේද යන්න පිළිබඳ සිතාගත නොහැකි බවද ඔවුහු කියා සිටිති.

එනිසා පෙර කවර කලකටත් වඩා මෙම තරුණ ඡන්ද ලක්ෂ දාහතරෙහි හැසිරීමද මෙවර විශේෂ පෙරළියක් කිරීමට හේතුවිය හැකි බවද ඔවුහු කියා සිටිති.

මව්බිම


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();