Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රනිල් සමග ආණ්ඩු කිරීමට තමන් කිසිසේත්ම සූදානම් නෑ ජනපති නැවත කියයි – ලක්ෂ්මන් යාපා අබේවර්ධන (Video)

රනිල් වික්‍රමසිංහ මහතා සමඟ තමන් ආණ්ඩු කිරීමට සූදානම් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවතත් සදහන් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව සදහන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර අද සවස පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මේසේද පැවසීය.

අප ගත් සියලු තීන්දු ජනතාවගේ පැත්තෙන් ගත් තීන්දු බවත් ජනතාවට මැතිවරණයක් සදහා අවස්ථාව ලබාදුන් තීන්දුව අධිකරණය මගින් වලක්වා ඇති නමුත් රනිල් වික්‍රමසිංහ මහතා සමග ආණ්ඩුවක් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කිසිවෙකුත් සූදානම් නොමැති බවත් ඒ සදහා තමන් කිසිවිටකත් කටයුතු නොකරන බවත් ජනාධිපතිවරයා සදහන් කළ බව ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා සදහන් කරයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();