
අද (12) පස්වරු 01.00ට රැස් වන පාර්ලිමේන්තු දිනයට නියමිත න්‍යාය පත‍්‍රයේ පළමු කරුණු ලෙස දක්වා ඇත්තේ රනිල් වික‍්‍රමසිංහ මහතාට අග‍්‍රාමාත්‍යවරයා වශයෙන් ක‍්‍රියා කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට වූ යෝජනාවය.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මෙන්ම රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, ලක්ෂ්මන් කිරිඇල්ල, රාජිත සේනාරත්න, පලනි දිගම්බරම්, මංගල සමරවීර හා රිෂාඞ් බදියුදීන් යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විසින එම යෝජනාව ඉදිරිපත්කිරීමට නියමිතය. .
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා ඊයේ (11) ප‍්‍රකාශ කළේ අග‍්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා පිළිගැනීමට මන්ත‍්‍රීවරුන් 117 දෙනෙකුගේ සහය ලැබෙනු ඇති බවයි.
කෙසේවෙතත් මේ වනවිට පාර්ලිමේන්තුවේ සංයුතියට අනුව එක්සත් ජාතික පෙරමුණේ මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාව 103ක් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත‍්‍රීවරුන් 99 දෙනෙකු සිටී.
දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාව 14ක් වන අතර ජනතා විමුක්ති පෙරමුණට ද මන්ත‍්‍රීවරුන් 06 දෙනෙකු හිමිව ඇත. කථානායකවරයාට අමතරව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ ශිවශක්ති ආනන්දන් යන මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරති.
රනිල් වික‍්‍රමසිංහ මහතාට සහය පළ කිරීමේ යෝජනාවට තම පක්ෂයේ සහයක් හිමි නොවන බව ජනතා විමුක්ති පෙරමුණ දැනටමත් ප‍්‍රකාශ කර අවසන්.
අදාළ යෝජනාවට සිය සහය ලබා දෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අද උදෑසන සාකච්ඡා කර තීරණයක් ගන්නා බව දෙමළ ජාතික සන්ධානය ප‍්‍රකාශ කර ඇත.
0 Comments