Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ ඉදිරි කටයුතු තාවකාලිකව අත්හිටුවයි

Image result for singapore sri lanka

සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.
ජාත්‍යන්තර වෙළෙඳ හා අයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම් එස්. ටී. කොඩිකාර මහතා සඳහන් කළේ, ගිවිසුම සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිතුමා පත් කළ කමිටුවේ නිර්දේශ ලැබෙන තෙක් හා ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරා ඇති පෙත්සම් විභාගය අවසන් වන තෙක් එම අත්හිටුවීම සිදු කළ බවයි.

ශ්‍රී ලංකා – සිංගප්පුරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව අධ්‍යනය කර වාර්තා කිරීම සඳහා පත් කළ විද්වත් කමිටුවේ, වාර්තාව පෙරේදා ජනාධිපතිතුමා වෙත භාර දුන්නේ ය.

අමාත්‍යංශ ලේකම්වරයා පැවසුවේ, එම වාර්තාව ඉදිරි සතිය තුළ අමාත්‍යංශයට ලැබෙනු ඇති බවයි.

මහාචාර්ය ඩබ්ලිව්. ඩි. ලක්ෂ්මන් මහතා ඇතුළු කමිටු සාමාජිකයින් විසින් සකස් කළ වාර්තාව මගින් ඉදිරිපත් කර ඇති නිර්දේශ පිළිබඳව වාර්තාව ලැබුණු පසු පුළුල් ලෙස අධ්‍යයනය කරන බව ද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

මේ අතර සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 09 ක් ඉදිරිපත්ව ඇති අතර එම පෙත්සම් විභාග කිරීම මේ වනවිට සිදු කෙරෙනු ඇති.

සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මකවීමට නියමිතව තිබුනේ පසුගිය මැයි මස පළමු වැනිදා සිටයි.

මෙම ගිවිසුමට අත්සන් තැබීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාට පාර්ශව රැසකින් චෝදනා එල්ල වූ අතර එම පාර්ශව චෝදනා කළේ, මෙමගින් මෙරට ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල විය හැකි බවයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();