ලොව දසතින් පැමිණි ප්රභූන්ගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේ ‘වසරේ මංගල්‍යය’ අතිඋත්සවශ්‍රීයෙන් පැවැත්විණි. ඒ ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ දියණිය ඊෂා සහ තවත් බිලියනපතියකු වන අජේ පිරමල්ගේ පුත් ආනන්ද්ගේ විවාහ මංගල උත්සවයයි. පසුගිය සතියේ ආරම්භ වූ පෙර මංගල සාද අවසානයේ ප්‍රධාන මංගල උත්සවය පෙරේදා (12) මහල් 27කින් සමන්විත අම්බානි නිවසේ දී පැවැත්විණි. මේ මංගල උත්සවයේ නර්තන අධ්‍යක්ෂණය පවරා තිබුණේ ශ්‍රී ලාංකීය නර්තන අධ්යක්ෂවරයකු වන චන්දන වික්රමසිංහයන්ට බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.
0 Comments