Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අනුෂ්කා - විරාට් පළමු සංවත්සරය සමරයි



අනුෂ්කා ශර්මා සහ විරාට් කෝලි විවාහ දිවියට එක්වෙලා දැන් අවුරුද්දකුත් ගත වෙලා. පසුගිය වසරේ දෙසැම්බර් 11 දා ඉතාලියේදී අතිනත ගත් මේ සුපිරි නිළිය සහ ක්‍රිකට් ක්‍රීඩකයා ගෙවී ගිය කාලයේදී ජීවිතය ගත කළේ හරිම සැහැල්ලුවෙන්. බොලිවුඩ් මාධ්‍ය මේ දෙදෙනාව අදත් හඳුන්වන්නේ කුරුලු ජෝඩුවක් විලසින්.

ලබන දෙසැම්බර් මාසයේදී විරාට් කෝලි ඔස්ට්‍රේලියාවට පිටත්ව යනවා. ඒ, ක්‍රිකට් තරග මාලාවකට සහභාගි වෙන්නයි. අනුෂ්කාත් ඔහු සමඟ ඔස්ට්‍රේලියාව යන්න සූදානමින් සිටිනවා. ඒ හේතුවෙන් තමන් රඟපෑ ‘සී‍රෝ’ චිත්‍රපටයේ ප්‍රවර්ධන වැඩසටහන්වලින් මඳකට ඉවත්වීමට ඇය තීරණය කරලා.

“අනුෂ්කා මේ වැඩකටයුතු හැම එකක්ම සැලසුම් කළේ මීට මාස කිහිපයකට කලින්. ඒ නිසා ‘සීරෝ’ චිත්‍රපට කණ්ඩායමට පුළුවන් වුණා. අනුශ්කාට කල්තියාම නිවාඩුවක් දෙන්න. අනුෂ්කා ආපහු චිත්‍රපට වැඩවලට එන්නෙ විවාහ සංවත්සරයයි ක්‍රිකට් තරගාවලියයි ඉවර වු‍ණාට පස්සෙයි.” අනුෂ්කාගේ හිතවතකු එලෙස ප්‍රකාශ කළා.

‘සීරෝ’ චිත්‍රපටයේ අනුෂ්කා රඟන්නේ සුපිරි නළු ශාරුක් ඛාන් සමඟයි. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ශාරුක්ගේ බිරිය, ගෞරී ඛාන්. දෙසැම්බර් 21 දා ප්‍රදර්ශනය ආරම්භ කරන ‘සීරෝ’ වෙනුවෙන් දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහනක් සැලසුම් කර තිබුණා. මේ වෙනුවෙන් අනුෂ්කාව විශේෂයෙන් ම සහභාගි කරවාගන්නයි ඔහු බලාපො‍‍රොත්තු වන්නේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();