ශ්‍රී ලංකාවේ 16වැනි ක්‍රීඩා ඇමැති ලෙස හිටපු දක්ෂ රගර් ක්‍රීඩකයෙකු වූ හරීන් ප්‍රනාන්දු මහතා පත්වෙයි. ක්‍රීඩා ඇමැති තනතුරට අමතරව ප්‍රනාන්දු මහතාට විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා යන අමාත්‍යංශ භාරවී ඇත. බදුල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසි හරීන් ප්‍රනාන්දු මහතා පාසල් කාලයේ දීප්තිමත් රගර් ක්‍රීඩකයෙකු වන අතර අඩුම වයසකදී ක්‍රීඩා වර්ණ දිනා ගැනීමට සමත්වීම ද විශේෂත්වයකි.
රගර් ක්‍රීඩාවේ මුල් පෙළේ නමක් දිනා ඇති සාන්ත ජෝෂප් විදුහලේ 13න් පහළ රගර් කණ්ඩායමේ සිට පියවරෙන් පියවර ඉදිරියට පැමිණ දක්ෂතා දැක්වීමට හරීන් ප්‍රනාන්දු මහතා සමත්වූ අතර 15න් පහළ සාන්ත ජෝෂප් රගර් කණ්ඩායම සමග මැලේසියාවේ කනිෂ්ඨ තරගාවලියට එක්ව දක්ෂතා දැක්වීය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවක් අනුව නවසීලන්තයේ සුප්‍රසිද්ධ ‘ඕල්ඩ් බ්ලැක්ස්’ රගර් ක්‍රීඩා සමාජය සමග එක්ව ශ්‍රී ලංකාව තුළ ‘ඕල්ඩ් බ්ලැක්ස්’ රගර් ඇකඩමි ඇති කොට ඒ හරහා දක්ෂ ක්‍රීඩකයන් බිහිකිරීමේ වැඩ සටහනක් නිර්මාණය කිරීමේ ගිවිසුමකට එළැඹීමටද හරීන් ප්‍රනාන්දු මහතා මුල්විය.
0 Comments