ඊශාන දිග මෝසම් වැසි ඇදහැලීම හේතුවෙන් ඩෙංගු මදුරු ව්‍යාප්තියේ වැඩීවීමේ තත්ත්වයක් පවතින බැවින් එම තත්ත්වය පාලනය කිරිම සදහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අද (27) පැවැති රෝහල් අධ්‍යක්ෂවරුන්ගේ රැස්වීමේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදෙන ලදි.
2018 වසරේ ගත වූ කාලය තුල ඩෙංගු රෝගීන් 49,132 ක් වාර්තා වී ඇත. වැඩිම රෝගීන් වාර්තා වී ඇත්තේ ජනවාරි මාසයේ වන අතර එම සංඛ්‍යාව 7278 කි. දෙසැම්බර් මාසයේ වාර්තා වී ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 3127 කි. ඊසාන දිග මෝසම් වැසි ඇදහැලෙන බැවින් අවධානම් කළාපවල දෛනිකව ධූමායන කටයුතු සිදු කිරිමට නියමිතය. ඒ සදහා ඩෙංගු මදුරු මර්දන ක්ෂේත්‍ර නිලධාරීන් 1500 ක් යොදවා ඇත. විශේෂයෙන්ම පාසල් සහ ඉදිකිරිම් කළාප වල ඩෙංගු මදුරු කීටයින් බෝවීමේ වැඩි අවධානමක් දක්නට තිබේ. මදුරු කීටයින් බහුලව සොයා ගන්නා ඉදිකිරීම් කළාප වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට ද නියමිතය.
එමෙන්ම පාසල් නිවාඩු කාලය වෙනුවෙන් වසා දමා තිබූ පාසල් විවෘත කිරිමට පෙර ලබන 29,30 සහ 31 තෙදින පිරිසිදු කිරීමේ කටයුතු සිදු කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
2018 වසරේ දී ඩෙංගු රෝගීන් එක්ලක්ෂ අසූහයදහසක් වාර්තා වුවද 2019 වසරේ දී වාර්තා වී ඇත්තේ ඩෙංගු රෝගීන් 49132 කි.
The post ඩෙංගු ව්‍යාප්තිය වැඩිවීමක්.පාලනයට සුව ඇමැති උපදෙසින් කඩිනම් පියවර. appeared first on Lanka News Column.
0 Comments