
නව අමාත්‍ය මණ්ඩලය අද(20) උදෑසන 8.30ට පමණ දිවුරුම් දීමට නියමිතව තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ ජනාධිපති ලේකම් කර්යාලයෙදි මෙය සිදු වීමට නියමිත බවයි.
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය හිමි වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර, මංගල සමරවීර මහතාට මුදල් අමාත්‍යාංශය ද පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතාට ප්‍රවාහන අමාත්‍යාංශය ද හිමි වීමට නියමිත බව වාර්තා වෙයි.
එමෙන්ම සාගල රත්නායක මහතාට වරාය සහ නාවික අමාත්‍යාංශය හිමි වෙනු ඇතැයි ද සඳහන් වෙයි.
0 Comments