ඉන්දියාවේ මුම්බායිහි රෝහලක ඇති වූ ගින්නකින් අට දෙනකු මියගොස් තවත් 129 දෙනකු තුවාල ලබා තිබේ. ජිවිතක්ෂයට පත්වූවන් අතර මාස 6ක් වයසැති කුඩා බිලිඳෙකු ද වන බව ඉන්දීය පොලීසීය සඳහන් කරයි.
මේ ගින්න හට ගෙන ඇත්තේ අන්දෙරි හි ESIC කම්ගර් නම් මහල් පහකින් යුත් රජයේ රෝහලක වන අතර මේ ගින්න ඇති වී තිබෙන්නේ රෝහලේ හතරවන මාලයේය. රෝහලේ සිට 140කට ආසන්න පිරිසක් බේරා ගැනීමට ගිනි නිවන අංශ කටයුතු කර ඇත. රෝහලේ අනෙකුත් නේවාසික රෝගීන් මුම්බායි හි පිහිටි වෙනත් රෝහල්වලට මාරු කර යැවීමට කටයුතු කළ බව පවසන පොලීසිය ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් හෙළි වී නැති බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මක බවත් ප්රකාශ කරයි.
0 Comments