Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජාතික කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ පිහිනුම් ශූරතා කිලර් වෝල් සමාජය හා විශාඛා විදුහල දිනති

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

නව ශ්‍රී ලංකා වාර්තා 6ක් බිහි වෙයි

කොළඹ සුගතදාස පිහිනුම් සංකීර්ණයේ ඊයේ නිමාව දුටු ජාතික කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ පිහිනුම් ශූරතාවලියේ ජ්‍යෙෂ්ඨ පිරිමි ශූරතාව කිලර් වෝල් ජල ක්‍රීඩා සමාජය හා කාන්තා ජ්‍යේෂ්ඨ ශූරතාව කොළඔ විශාඛා විදුහල දිනා ගත්හ.

කිලර් වෝල් ජල ක්‍රීඩා සමාජය ලකුණු 251ක් ලබාගත් අතර එහි දෙවැනි ස්ථානයට පත්වූ ආනන්ද විදුහල ලකුණු 171ක්, තෙවැනි ස්ථානයට පත්වූ ගේට්වේ ජාත්‍යන්තර පාසල ලකුණු 120ක්, සිවුවැනි ස්ථානයට පත්වූ සාන්ත පීතර් ලකුණු 109ක් හා පස්වැනි ස්ථානයට පත්වූ සාන්ත ජෝෂප් විදුහල ලකුණු 73ක් ලබා ගත්හ. කාන්තා ශූරතාව දිනාගත් විශාඛා විදුහල ලකුණු 272ක්, දෙවැනි ස්ථානයට පත්වූ මහාමායා විදුහල ලකුණු 148ක්, තුන්වැනි ස්ථානයට පත්වූ ලයිසියම් ජාත්‍යන්තර පාසල ලකුණු 116ක්, සිවුවැනි ස්ථානයට පත්වූ මියුසියස් ලකුණු 105ක් හා පස්වැනි ස්ථානයට පත්වූ සිරිමාවෝ බණ්ඩාරණායක විදුහල ලකුණු 73ක් ලබා ගත්හ.

කනිෂ්ඨ අංශයේ පිරිමි ශූරතාව ලකුණු 171ක් ලබාගත් නාලන්දා විදුහල, දෙවැනි ස්ථානය ලකුණු 127ක් ලබාගත් සාන්ත ජෝෂප් විදුහල හා ලකුණු 117ක් ලබාගත් සාන්ත පීතර් විදුහල තෙවැනි ස්ථානයට පත්විය. කනිෂ්ඨ අංශයේ කාන්තා ශූරතාව ලකුණු 160ක් ලබාගත් කොළඹ සිරිමාවෝ විදුහල, දෙවැනි ස්ථානය ලකුණු 157ක් ලබාගත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල හා ලකුණු 105ක් ලබාගත් සාන්ත බ්‍රිජට් කන්‍යාරාමය තෙවැනි ස්ථානයට පත්විය.

මෙවර පිහිනුම් ශූරයා සම්මානය කිලර් වෝල් ජල ක්‍රීඩා සමාජයේ කයිල් අඹේසිංහ හා සාන්ත පීතර් විදුහලේ අකලංක පීරිස් සම ලකුණු ලබා දිනාගත් අතර, පිහිනුම් ශූරිය සම්මානය යුද හමුදා ජල ක්‍රීඩා සංගමයේ ඉෂාණී සේනානායක දිනා ගත්තාය.

කනිෂ්ඨ පිහිනුම් ශූරිය ලෙස දෙහිවල ගේට්වේ ජාත්‍යන්තර පාසලේ හිරූකී ද සිල්වා හා කනිෂ්ඨ පිහිනුම් ශූරයා ලෙස නාලන්දා විදුහලේ කවීෂ ගිම්හාන ද සිල්වා සම්මානයට පාත්‍ර වූහ.

ජාතික කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ පිහිනුම් ශූරතාවලියේ නව ශ්‍රී ලංකා වාර්තා 6ක් බිහි වුණි.

වයස 15න් පහළ නිදහස් ආර තරගය තත්පර 29. 25කින් නිමකළ නීෂා නිලවීර වසර 2014දී මහනුවර හිල්වුඩ් විදුහලේ දිල්රුක්ෂි පෙරේරා විසින් තත්පර 29. 40කින් පිහිටුවා තිබූ වාර්තාව මකා දමා නව වාර්තාවක් බිහිකළ අතර, ද මැසනොද් විද්‍යාලයේ ආදිත්‍ය පෙරේරා වයස අවුරුදු 15න් පහළ පිරිමි මීටර 100 පසුපස ආර ඉසව්ව විනාඩි 1:04.11කින් නිමා කරමින් සාන්ත ජෝසප් විද්‍යාලයේ ශේවින්ද සිල්වා විනාඩි 1:05.57කින් 2016 ජාතික ශූරතාවලියේ දී පිහිටුවා තිබූ වාර්තාව මකා දැමුවේය. අකිත්මි වාසලතන්ත්‍රි බාලිකා වයස අවුරුදු 15න් පහළ මීටර 100 පසුපස ආර ඉසව්වෙන් නව වාර්තාව පිහිට වූ අතර ඇය ඒ සඳහා වැය කළ කාලය විනාඩි 1:12.64කි. ඇය බිද දැමූවේ විශාඛා විද්‍යාලයේ ගංගා සෙනවිරත්න පසුගිය වසරේදී විනාඩි 1:12.99කින් පිහිටුවා තිබූ වාර්තාවකි. 15න් පහළ මීටර් 400 නිදහස් ආර සහය පිහිනුම් ඉසව්ව විනාඩි 4: 35. 13කින් නිමකළ ලයිසියම් ජාත්‍යන්තර පාසල එම ඉසව්වේ නව වාර්තාවක් පිහිටවූ අතර, මීටර් 200 නිදහස් ආර සහය පිහිනුම් ඉසව්ව විනාඩි 1: 56. 62කින් හා මීටර් 200 මෙඩ්ලී සහය පිහිනුම් ඉසව්ව විනාඩි 2: 10. 35කින් නිමකළ කොළඹ විශාඛා ක්‍රීඩිකාවෝ නව වාර්තා දෙකක් බිහි කළහ.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();