Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තෙවැනි තරගයේ ජය ශ්‍රී ලංකා යොවුන් පිලට

නවෝද් පරණවිතාන පිට පිට රැස්කළ දෙවැනි අර්ධ ශතකය හේතුවෙන් සංචාරක බංග්ලාදේශ අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමග දඹුල්ලේ පැවැති තෙවැනි එක්දින තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව කඩුලු 8ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

මේ ජයත් සමග තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 1-1ක් ලෙස සමකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

විටින් විට වර්ෂාවෙන් බාධාවූ තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය ඕවර 26.4කදී කඩුලු 3ක් දැවී ලකුණු 114ක් රැස් කළේය.

ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව පිළිතුරු ලෙස ඕවර 25කදී හිමිවූ ලකුණු 161ක ඉලක්කය ඕවර 16.4කදී සපුරා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් පිල සමත්වූයේ කඩුලු 2ක් පමණක් අහිමිකර ගනිමිනි.

ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන් නවෝද් පරණවිතාන මේ තරගාලියේ පිට පිට දෙවැනි අර්ධ ශතකය රැස්කරමින් කණ්ඩායමේ ජයග්‍රාහි මාවත විවර කළේය. ලකුණු 66ක් ඉනිමට එක්කළ නවෝද් හතරේ පහර පහර 10කින් ඉනිම සරසා ගත්තේ පන්දු 39ක් පමණක් වැය කරමිනි.

පළමු කඩුල්ලට කමිල් මිෂාර සමග එක්ව ලකුණු 66ක සබඳතාවක් ගොඩනැගූ ඔහු, රවිඳු ශාන්ත සමගින් දෙවැනි කඩුල්ල සඳහා පන්දු 38කින් ලකුණු 49ක් ඉනිමට එක් කළේය. පන්දු 35කින් ගොඩනැගුණු පළමු කඩුල්ලේ සබඳතාවට කමිල් මිෂාරගෙන් පන්දු 12කින් ලකුණු 26ක් එක්විය.

දෙවැනි කඩුල්ල ලෙස මුළු ලකුණු 115දී නවෝද් දැවී යෑමෙන් අනතුරුව රවිඳු සමග එක්වූ නායක නිපුන් ධනංජය ජයග්‍රහණය වේගවත් කරමින් පන්දු 27කින් ලකුණු 46ක නොබිඳුණු සබඳතාවක් ගොඩනැගීය.

වේගවත් පිතිහරඹයක නිරතවූ නිපුන් නොදැවී ලකුණු 38ක් රැස්කළේ හතරේ සහ හයේ පහර 3 බැගින් එල්ල කරමින් පන්දු 15කිනි. රවිඳුගේ ඉනිමට පන්දු 32කදී හතරේ පහර 4ක් සමගින් ලකුණු 32ක් ඇතුළත් විය.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය වෙනුවෙන් තන්සිඩ් හසන් පන්දු 36කින් ලකුණු 38ක් රැස්කරමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය.

ඔහු, ප්‍රිතම් කුමාර් සමග එක්ව පළමු කඩුල්ලට ලකුණු 57ක සබඳතාවක් පිහිටවූ අතර හසන් දවා ගනිමින් එම සබඳතාව නිමාකළ ලක්ෂාන් ගමගේ, අනෙක් ආරම්භක පිතිකරු කුමාර් (8)ද දවා ගැනීමට සමත් විය.

නායක තව්හිඩ් රිඩෝයි සහ හසන් ජෝයි තෙවැනි කඩුල්ලට ලකුණු 45ක් එක්කළ අතර රිඩෝයි ලකුණු 20කට දවා ගැනීමට රවීන් ද සිල්වාට හැකිවිය. ජෝයි නොදැවී ලකුණු 25ක් රැස් කළේය. දෙපිල අතර සිවුවැනි එක්දින තරගය හෙට (6) කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

බංග්ලාදේශ යොවුන් පිල - 114/3යි. (ඕවර 26.4) තන්සිඩ් හසන් 38, හසන් ජෝයි නොදැවී 25 (ලක්ෂාන් ගමගේ 14/2)

ශ්‍රී ලංකා යොවුන් පිල - 161/2යි. (ඕවර 16.4) නවෝද් පරණවිතාන 62, නිපුන් ධනංජය නොදැවී 38, රවිඳු රශාන්ත නොදැවී 32, කමිල් මිෂාර 26

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();