පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින්ගේ රැස්වීමක්, කථානායක කරූ ජයසූරිය විසින් අද (07) පස්වරුවේ කැඳවා ඇති බව වාර්ථා වේ. මෙම පක්ෂ නායක රැස්වීම අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.
එළඹෙන 14 වනදා පාර්ලිමේන්තුව කැඳවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නිකුත් කළ ගැසට් නිවේදනයත් සමග ඒ සඳහා කටයුතු කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බවයි කථානායක මාධ්‍ය ඒකකය සඳහන් කර ඇත්තේ.
The post කතානායකවරයා විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි. appeared first on Lanka News Column.


0 Comments