Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අර ගත්ත තීන්දුව ගැන මෛත‍්‍රීපාල සිරිසේන කතා කරයි.

Mythripala-Sirisena-H-E

රනිල් වික‍්‍රමසිංහව  ඉවත් කර මහින්ද අගමැති  ධුරයට පත් කර නව ආණ්ඩුවක් පිහිටුවීමට ගත් තීන්දුව තමා හොඳින් හිතා බලා ගත් තීන්දුවක් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන  ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව හමුවේ  ප‍්‍රකාශ කර ඇත.

ඒ සම්බන්ධයෙන් තමා සම්පුර්ණ වගකීම බාරගන්නා බවද එහෙදි  ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

රනිල් වික‍්‍රමසිංහව  ඉවත් කිරීමට ගත් තීන්දුව කලින් සාකච්ඡා කර ගත්තේ නම් එම තීන්දුව ක‍්‍රියාත්මක කිරීමට හැකියාවක් නොලැබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

පක්‍ෂයේ ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙල පිළිබඳවද අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා තමන් පක්‍ෂයේ වැඩ නොකර අනෙක් අයට චෝදනා කිරීමෙන් පළක් නැති බවද සඳහන් කර ඇත.

හිටපු අගමැති දී.මු. ජයරත්න සහ 16  කණ්ඩායම නියෝජනය කරන ඩිලාන් පෙරේරා, තිලංග සුමතිපාල සහ ලක්‍ෂමන් වසන්ත පෙරේරා  යන   මෙම මධ්‍අයදයම කාරක සභා රැස්වීමට සහභාගී වී ඇත.

The post අර ගත්ත තීන්දුව ගැන මෛත‍්‍රීපාල සිරිසේන කතා කරයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();