හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ අතර හමුවක් සිදුව තිබේ. ඊයේ පස්වරුවේ එම හමුව පැවැති බව වාර්තා වෙයි.
එජාප නායක රනිල් වික්රමසිංහ අරලියගහ මන්දිරයෙන් ඉවත් වන්නේ නම් ගත යුතු ආරක්ෂිත පියවරයන් පිළිබඳ එහිදී සාකච්ඡා වී ඇති බව සඳහන් වේ.
පසුගිය සිකුරාදා ජනාධිපතිවරයා විසින් නව අග්රාමාත්යවරයෙකු පත්කළ ද රනිල් වික්රමසිංහ අරලියගහ මන්දිරයේ තවමත් රැදී සිටියි.
The post රනිල් – ගෝඨාභය විශේෂ හමුවක්. appeared first on Lanka News Column.


0 Comments