පසුගිය සදුදා මගීන් 189 දෙනෙකු සමග කඩා වැටුණු ලයන් එයාර් JT610 ගුවන් යානයේ කලු පෙට්ටිය සොයාගෙන තිබේ.
ඉන්දුනීසියා වෙරලාශ්රිත ප්රදේශයේදී එය හමුවූ බව මෙහෙයුම්වල නිරත කණ්ඩායම් ප්රකාශ කර ඇති බව වාර්තා වේ. අනතුරට හේතුව හෙළිකරගැනීමට ඉන් හැකිවන බව ඉන්දුනීසියා බලධාරීන් පවසයි.
ඉන්දුනීසියාවේ ජාකර්තා අගනුවරින් ගුවන්ගත කළ යානය සුළු වේලාවකට පසු ජාවා මුහුදට කඩා වැටුණි.
මෙම අනතුරට හේතුව තවමත් අනාවරණය වී නොමැත.
ගුවන් යානයේ කලු පෙට්ටියට අමතරව ඇතැම් ගුවන් යානයේ කොටස් ද මේවන විට සොයා ගෙන ඇත.
එසේම ඉන්දුනීසියා ජාතික ගමනාගමන ආරක්ෂක කොමිසමේ නියෝජ්ය අධ්යක්ෂවරයා සීඑන්එන් පුවත් සේවය වෙත සදහන් කර ඇත්තේ ගුවන් යානයේ කලු පෙට්ටියේ ඇති දත්ත කියවීමට සති දෙකක් හෝ තුනක කාලයක් ගත වනු ඇති බවයි. ඊට අමතරව එම දත්ත විශ්ලේෂණය කිරීම සදහා තවත් මාස දෙක - තුනක් ගතවනු ඇති බවට ද විශ්වාස කෙරේ.

0 Comments