Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ට්‍රම්ප් - පුටින් සාකච්ඡා අවිනිශ්චිත තත්ත්වයක

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව තිබෙන ද්විපාර්ශවික සාකච්ජා ඇතිවීම අවිනිශ්චිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
 
යුක්‍රේනය හා රුසියාව අතර ඇතිවී තිබෙන නාවික අර්බුදය ඊට හේතුව බව, අමෙරිකානු ජනාධිපතිවරයා කියා සදහන් කර තිබේ. පසුගියදා රුසියාව විසින් යුක්‍රේන නෞකා තුනකට පහර දී අත්අඩංගුවට ගෙන තිබුණි.
 
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, වොෂිංටන් පෝස්ට් පුවත් පතට පවසා ඇත්තේ මෙම සිදුවීම පිළිබඳව පූර්ණ වාර්තාවක් තමන්ට ලැබෙන තුරු බලා සිටින බවයි. 
 
දෙරටේ නායකයින් දෙදෙනා අතර හමුවක් බුවනෝස් අයර්ස්හි දී පැවැත්වෙන ජී. සමුළුවට සමගාමීව පැවැත්වීමට නියමිතව තිබේ. මේ අතර අමෙරිකාව, යුරෝපීය රටවලින් යුක්‍රේනයට සහය දක්වන ලෙස ඉල්ලීමක් ද කර ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();