Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පරීක්ෂණ අඩාල කලේ,බාධා කලේ,යට ගැහුවේ කවුද? හෙලිදරව්කට සූදානමක්.

 

Ranjith_Madduma

තාජුඩීන් ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, එක්නැලිගොඩ අතුරුදන් කිරීම, සිරකරුවන් 27 දෙනෙකු අමු අමුවේ ඝාතනය කිරීම, තරුණයින් 11 දෙනෙකු මරා දැමීම ඇතුළු තවත් සිද්ධීන් ගැන පරීක්ෂණ අඩාල කරන්නට, යටගහන්නට කටයුතු කළේ කවුද  යන්න ඉදිරියේදී ජනතාව හමුවේ හෙළිදරව් කරන බව   පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍යහමුවේදී  මන්ත්‍රීවරයා මේ බව සඳහන් කල අතර  මේ රටේ දේශපාලන ඉතිහාසයේ අදුරුතම, අශිෂ්ඨතම ව්‍යවස්ථා විරෝධි ක්‍රියාව සිදුකළ සිරිසේන ජනාධිපතිවරයා අද යහපාලන වංචා ගැන කතා කරන බවත් වංචාව, සොරකම දූෂණය අල්ලන්න කටයුතු කරන අවස්ථාවේ ඒ කටයුතු වලක්වන්න කටයුතු කළේ කවුද කියන එක මේ රටේ සමස්ථ ජනතාවම දන්නා බවද පැවසීය.

එසේම යහපාලන රජයේ කැබිනට් මණ්ඩලය තුළ සියලූ තීරණ තීන්දු ගෙන ඇත්තේ සිරිසේන ජනාධිපති මුල්පුටුවේ තබාගෙන බැවින් කැබිනට් යෝජනාවලදී සිරිසේන ජනාධිපති විරුද්ධවූ දුෂණ වංචා ඇතුළත් යෝජනා මොනවාදැයි හෙළි කරන ලෙස  තමන් අභියෝග කරන බවත් මන්ත්‍රීවරයා පැවසු අතර ඔහු මේ අභියෝගය ඉදිරිපත්කර සිටියේ 2015 ජනවාරි සිට මේ දක්වා යහපාලන රජය තුළ සිදු කළ ඇති දූෂණ හා වංචා පිළිබඳව සොයාබැලීමට ජනාධිපති කොමිසමත් පත්කරන බවට සිරිසේන ජනාධිපති සිදුකල ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්ය.

මේ රටේ අමාත්‍ය මණ්ඩල ලේකම්වරුන්, වරාය, විදුලිබල මණ්ඩලය තෙල් සංස්ථා, විදුලි සංදේශ, රාජ්‍ය ජනමාධ්‍ය ඇතුළු සංස්ථා, මණ්ඩල අධිකාරිවල ප්‍රධානීන් පත්කරන ලද්දේ ජනාධිපති විසින් ඔහුගේ පක්‍ෂයේ පාක්‍ෂිකයන් බවත්, ඒ අනුව තමන්ගේ වංචා පිළිබඳව තමන්ටම සොයා බැලීමට සිදුවීම දෛවයේ සරදමක් බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

 

The post පරීක්ෂණ අඩාල කලේ,බාධා කලේ,යට ගැහුවේ කවුද? හෙලිදරව්කට සූදානමක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();