Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නව ආරක්ෂක ලේකම් වෙඩි තැබීමේ ශූරයෙක්

ප්‍රින්ස් ගුණසේකර

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්වූ හේමසිරි ප්‍රනාන්දු මහතා වසර 1981 සිට 84 දක්වා ජාතික වෙඩි තැබීමේ ශූරයාවූ අතර 1982 වසරේ නව දිල්ලි ආසියානු ක්‍රීඩා උළෙලේදී රයිෆල් වෙඩි තැබීමේ ඉසව්වෙන් ක්‍රීඩකයන් 45ක් අතුරින් 6වැනි ස්ථානයට පත්විය. ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩකයකු ලෙස සම්මාන දිනාගත් හෙතෙම අති දක්ෂ ක්‍රීඩා පරිපාලකයෙකු ද වේ.

ඒ මහතා ජාතික ඔලිම්පික් කමිටුවේ වසර 20ක් අඛණ්ඩව සභාපතිවරයා ලෙස කටයුතු කරමින් ජාතික ඔලිම්පික් නිවහන බිහි කිරීමේ පුරෝගාමියා බවට පත්විය. ඔලිම්පික් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කරන අවධියේදී ජාතික ක්‍රීඩා සංගම්වල ස්වාධීනත්වය ආරක්ෂාවන පරිදි ක්‍රීඩා රෙගුලාසි සංශෝධනය කිරීම උදෙසා විශාල අරගලයක නිරතවූ හෙයින් ක්‍රීඩා සංගම් අතර ප්‍රසාදයට පත්විය.

වසර 1982දී හා 1984දී වසරේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත් හේමසිරි ප්‍රනාන්දු මහතා නාවික හමුදා ක්‍රීඩා සමාජයේ කැපී පෙණෙන තරුවක් බවට පත්ව සිටියේය. 1969 සිට කොළඹ විශ්ව විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කොට පසුව 1972දී කොළඹ විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා බවට පත්විය. එම වසරවලදීම මලල ක්‍රීඩකයකු ලෙස හා පාපන්දු ක්‍රීඩකයකු ලෙස කොළඹ විශ්වවිද්‍යාලයට ජයග්‍රහණ රැසක් අත්කරදී ඇත.

කොළඹ නාලන්දා විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වූ හේමසිරි ප්‍රනාන්දු මහතා ලොව ප්‍රථම අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරණායක මහත්මියගේ ලේකම්වරයා ලෙස කටයුතු කළේය. ස්වාධීන රූපවාහිනියේ හා මහජන බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ඒ මහතා වර්තමානයේ අයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කරයි.

දැනට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනයේ ආසියානු කළාපයේ උප සභාපතිවරයකු ලෙස හා ආසියානු ඔලිම්පික් කමිටුවේ විධායක කමිටු සාමාජිකයකු ලෙස කටයුතු කරමින් හේමසිරි ප්‍රනාන්දු මහතා ක්‍රීඩාවට විශාල සේවයක් කරමින් සිටී.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();