තමිල්නාඩුව හරහා හමා ගිය ‘ගජ‘ සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට 45දෙනකු මිය ගොස් ඇති අතර 250,000ක් පමණ ආරක්ෂිත කඳවුරු වෙත යොමු කර ඇති බව වාර්තා වේ. පසු ගිය දින දෙකේ කුණාටු තත්ත්වය දරුණු වී ඇති අතර තමිල්නාඩු සහ පුඩුචෙරි මුහුදු බඩ ප්‍රදේශවලට දැඩි ලෙස හානි සිදු කර ඇත. ‘ගජ‘ සුළි කුණාටුව පැයට කිලෝ මීටර් 120 ක වේගයෙන් හමා ගොස් ඇති අතර නාගපටිනම්, තන්ජවුර්, තිරුවරුර් ඇතුළු ප්‍රදේශ රැසකට හානි පමුණුවා ඇත.
කාලගුණ විද්‍යාඥයන් පවසන්නේ 2016 වසරට පසු තමිල්නාඩුවට බල පෑ දරුණුතම සුළි කුණාටුව මෙය බවයි.
0 Comments