ලබන මස චීන තායිපේ හී පැවැත්වෙන අවුරුදු 19න් පහළ ආසියානු රග්බි ශූරතාවලිය නියෝජනය කරන ශ්රී ලංකා කණ්ඩායම තෝරාගැනීම සඳහා ක්රීඩකයන් 38 දෙනකුගෙන් සමන්විත සංචිතයක් කැඳවා තිබේ. කොළඹ හා ඒ අවට පළාත්වල ක්රීඩකයන්ගෙන් සමන්විත කොළඹ කණ්ඩායම සහ මහනුවර කේන්ද්ර කරගනිමින් නම් කළ මහනුවර කණ්ඩායම අතර පසුගියදා පැවැති තරග අදියර දෙකකින් පසුව රග්බි තේරිම් කමිටුව මේ සංචිතය ගොඩනගා ඇත.
පාසල් රග්බි තරග බිමේ ප්රබලතම ක්රීඩකයන්ගෙන් සමන්විත මේ සංචිතය අතරින් ක්රීඩකයන් 25 දෙනකුගෙන් යුතු අවසන් කණ්ඩායම ඉදිරියේදී නම් කිරීමට නියමිතය.
දෙසැම්බර් මස 12 වැනිදා සිට 18 දක්වා චීන තායිපේ හී නගරසභා ක්රීඩාංගණයේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ ආසියානු රග්බි ශූරතාවලියට ශ්රී ලංකාව සමග හොංකොං, දකුණු කොරියාව සමග සත්කාරක චීන තායිපේ කණ්ඩායම තරග වදී.
ශ්රී ලංකා යොවුන් රග්බි සංචිතය මෙසේය.
ප්රවින්ද විජේතිලක, විශ්ව රණරාජා (ත්රිත්ව), හිමන්ත හිරුෂාන්, ඉෆ්හාම් ෆරීඩ්, ෆාදිල් අද්හාන්, රිසිත් ප්රනාන්දු, මලීෂ මධුමෙවන්, මුබීන් ෆලීල්, කළිඳු නන්දිල, ජනිඳු ඩිල්ෂාන් (රාජකීය), අබ්දුල්ලා ෆායිස්, ජුලියන් චාල්ස්, ජවිඳු ප්රනාන්දු, ජේසන් කරුණාරත්න, රුක්ෂාන් මධුසංඛ, කෙනත් විමලදාස (සාන්ත පීතර), රශ්මික චන්ද්රරත්න, මිලාන් වීරසිංහ, ජනිත රාජනායක (කිංග්ස්වුඩ්), අදීෂ හඳුන්පතිරණ, හරිත් සේනානායක (සාන්ත තෝමස්), කසුන් බණ්ඩාර, ජනිත් විකුම්සර (ශ්රී සුමංගල මහනුවර), මොහොමඩ් ශාබිර්, ඉෂාර ලියනගේ (සාන්ත අන්තෝනි මහනුවර), හිමල්ක ධනංජය, ඉෂාර හේරත්, ළහිරු දවුලුගල (මලියදේව), ඩයාන් සාබර් (වෙස්ලි), තරිඳු ද අල්විස්, ශාන් අකිල, ඩිලාන් කාවින්ද, දුලාංජන පියතිස්ස, ගැමුණු චේතිය (සාන්ත ජෝශප්), රවිඳු අංජුල (ඉසිපතන), ශෂික උමයංග, තරිඳු හෙට්ටිආරච්චි (විද්යාර්ථ), තුවාන් ෂාමිල් (ලුම්බිණි)

0 Comments