Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මොහොමඩ් ශෙෂාඩ් පන්දු 16කින් ලකුණු 74යි

මොහොමඩ් ශෙෂාඩ්ගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ඕවර දහයයි10 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට බ්‍රෙන්ඩන් මැකලම්ගේ නායකත්වයෙන් යුත් රාජ්පුට්ස් කණ්ඩායම සමත් විය.

කණ්ඩායම් 8ක සහභාගිත්වයෙන් පැවැත්වෙන තරගාවලියේ ෂේන් වොට්සන් නායකත්වය දරන සින්ධිස් කණ්ඩායම සමග පැවැති තරගයේ පළමුව පන්දුවට පහදුන් සින්ධිස් පිල රැස්කළ ලකුණු 95ක ඉලක්කය හඹාගිය රාජ්පුට්ස් ක්‍රීඩකයෝ කිසිවකු නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසුකළේ ඕවර 4ක් පමණක් වැය කරමිනි.

විශිෂ්ට ඉනිමක් දියත් කළ මොහොමඩ් ශෙෂාඩ් නොදැවී ලකුණු 74ක් රැස්කළේ පන්දු 16කට පමණක් මුහුණදෙමිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 6කින් සහ හයේ පහර 8කින් වර්ණවත් වෙද්දී අර්ධ ශතකය සඳහා වැයකර තිබුණේ පන්දු 12ක් පමණි. බ්‍රෙන්ඩන් මැකලම් සමගින් රාජ්පුට්ස් ඉනිම ආරම්භ කළ ශෙෂාඩ් පළමු ඕවරයේ පන්දු 5කින් ලකුණු 19ක් ලබාගත් අතර දෙවැනි ඕවරයේ පන්දු 2කින් ලකුණු 7ක් රැස්කර ගත්තේය. තෙවැනි ඕවරයේදී තිසර පෙරේරා දැඩි ප්‍රහාරයකට ලක්කළ ශෙෂාඩ් එම ඕවරයෙන් ලකුණු 30ක් උදුරා ගත්තේ හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් එල්ල කරමිනි. සිවුවැනි ඕවරයේ අවසන් පන්දු 3 ට හයේ පහර 3ක් එල්ල කළ ඔහු රාජ්පුට්ස් පිලේ ජය තහවුරු කළේය.

මැකලම් පන්දු 8කදී හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමගින් නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 21කි.

පළමුව පන්දුවට පහරදුන් සින්ධිස් කණ්ඩායම ඕවර 10 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 94ක් රැස් කළේය. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ නායක ෂේන් වොට්සන් පන්දු 20කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 42ක් රැස්කළ අතර සෙසු පිතිකරුවන්ට ලකුණු 10 සීමාව පසුකිරීමට නොහැකි විය. තිසර පෙරේරා ලබාගත්තේ ලකුණු 4ක් පමණි. ඉසුරු උදාන ද සින්ධිස් කණ්ඩායම නියෝජනය කරමින් මේ තරගයට ක්‍රීඩා කළ අතර ඔහුට පන්දු යැවීමට හෝ පන්දුවට පහරදීමට අවස්ථාවක් නොලැබිණි.

මේ අතර තරගාවලියේ දෙවැනි තරගයෙන් සහීඩ් අෆ්රිඩි මෙහෙයවන පක්ටූන්ස් පිලට එරෙහිව කඩුලු 8ක ජයක් අත්කර ගැනීමට ඔයින් මෝගන්ගේ නායකත්වයෙන් තරග වදින කේරළ කිංග්ස් කණ්ඩායමට හැකිවිය.

ලබන මස 2 වැනිදා දක්වා පැවැත්වෙන මේ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් උපුල් තරංගද (කේරළ කිංග්ස්) ඇතුළත්ව සිටී.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();