Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මන්දගාමී වන අල්ලස් හා දූෂණ කොමිසම.

Bribery_Commission

අල්ලස් හා දූෂණ කොමිසමේ විමර්ශන කටයුතු යළිත් මන්දගාමී තත්වයට පත්වී ඇතැයි අභ්‍යන්තර තොරතුරු ආරංචි මාර්ග සඳහන් කර සිටී.

අල්ලස් හා දූෂණ කොමිසමේ නිලධාරීන්ගේ ඇතුළු අඩුපාඩු තිබියදීත් ඉතා ප්‍රභල නිලධාරීන් පවා අත්අඩංගුවට ගැනීමට හැකිවූ අතර මේ වන විට අල්ලස් හා දූෂණ චෝදනාවට ලක්ව සිටින මහින්ද ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකුට විරුද්ධව ලැබී ඇති අල්ලස් චෝදනාව වසර දෙකකට ආසන්න කාලයක් විමර්ශනය කර අවසන් අදියරට පැමිණ ඇති අතර ඒත් ඔහුට නඩු පැවරීමේ කටයුතු හිතා මතාම ප්‍රමාද කරන තත්වයක් ඇති බවද වාර්ථා වේ.

වත්කම් උපයා ගත් ආකාරය ඔප්පු කිරීමට අසමත්වූ එම හිටපු ඇමතිවරයා සම්බන්ධයෙන් ඉතා විධිමත් පරීක්ෂණයක් අල්ලස් කොමිසම විසින් පසුගිය කාලයේ සිදුකර ඇති අතර එම තොරතුරුවලට අනුව අමාත්‍යවරයාට විරුද්ධව හෙට වුවද නඩු පැවරිය හැකි බව එම අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

අල්ලස් කොමිසමේ නිලධාරීන්ගෙන් පොලිසිය හැර සෙසු නීති නිලධාරීන් කාන්තාවන් වීමද ඇතැම් විමර්ශණ ඉදිරියට ගෙන යාමට බාධාවක් වී ඇතැයි පැවසේ.

The post මන්දගාමී වන අල්ලස් හා දූෂණ කොමිසම. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();