මිය ගිය පොලිස් කොස්තාපල්වරයෙකුගේ නිල ඇඳුම් සහ නිල අංකය පැළඳ දීවයිනේ විවිධ ප්‍රදේශවල මංකොල්ලකෑම් සිදු කරමින් සිටින පුද්ගලයකු සොයා දඹුල්ල පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බව සඳහන් වේ.
දඹුල්ල කණ්ඩලම හන්දිය ප්‍රදේශයේ විශ්‍රාම ගිය පොලිස් නිලධාරියකුට අයත් බව කියන රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා මැණික් ගලක් සොරා ගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත පරීක්ෂණ කිරීමේදී මිය ගිය පොලිස් කොස්තාපල්වරයෙකුගේ නිල ඇඳුම සහ නිල අංකය භාවිතා කරමින් ඔහු පැමිණ ඇති බව පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න පවසා ඇත.
එමෙන්ම රුපියල් ලක්ෂ 25 ක් වටිනා මැණික් ගලක් විකිණීමට ඇති බව ලැබුණු තොරතුරක් මත ගැණුම්කරුවන් ලෙස පැමිණි පුද්ගලයන් 4 දෙනෙකු මේ වනවිට සැකපිට අත්අඩංගුවට ගත් බවත් මෙම කණ්ඩායම ඒකරාශී වී සංවිධානාත්මක මංකොල්ලකෑම් නිරතවන බවට පොලිසියට මේ වනවිට පැමිණිලි ලැබී ඇතැයිද පොලිසිය පවසා තිබේ.
දඹුල්ල කණ්ඩලම හන්දිය ප්‍රදේශයේ විශ්‍රාමික පොලිස් නිලධාරියාගේ රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා මැණික් ගල මිලදී ගැනීම සඳහා බව පවසමින් පැමිණි තැරැව්කරුවන් මැණික් ගල පරික්ෂා කරමින් සිටියදී පොලිස් නිල ඇඳුම ඇඳගෙන පැමිණි පුද්ගලයෙකු වාහනයකින් පැමිණ එම මැණික්ගල රැගෙන ගිය බව පැමිණිලිකරු පොලීසියට පවසා ඇති බවත් ඒ අනුව ගල්ගමුව, පානදුර ,සහ අනුරාධපුර ප්‍රදේශවල පදිංචිකරුවන් හතර දෙනෙකු කුඩා ලොරි රථයක් වෑන් රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලීසිය සඳහන් කර තිබේ.
පලාගිය ව්‍යාජ පොලිස් කොස්තාපල්වරයා සහ ඔහු පැමිණි වාහනය පිළිබඳව මේ වනවිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් ගෙන් ප්‍රශ්න කරමින් සිටින බවත් එමෙන්ම රුපියල් ලක්ෂ 25ක් වටිනා කියන මෙම මැණික් ගල ලැබුණු ආකාරය පිළිබඳවත් මෙම පැමිණිල්ල සත්‍ය පැමිණිල්ලක් ද යන්නත් වෙනම පරීක්ෂණයක් පවත්වන බවත් දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න පවසා ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනු ලබන බව වැඩිදුරටත් සඳහන් වේ.
The post මියගිය පොලිස් නිලධාරියෙකුගේ නිල ඇඳුමින් මංකොල්ලකෑම් සිදු කරන පුද්ගලයෙකු සොයා පරීක්ෂණ. appeared first on Lanka News Column.


0 Comments