තනි පුද්ගලයෙකු මත බලය කේන්ද්‍රවීම නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියන කතාවට සමාන බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය අනිල් ජයන්ත ප‍්‍රනාන්දු ප්‍රකාශ කර සිටී. අචාර්යවරයා මෙම අදහස් පළකර සිටියේ, අද (01) 20වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජාතික විද්වත් සංවිධානය පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය අනිල් ජයන්ත ප‍්‍රනාන්දු ,
රටක ජනතාව පාලනය වෙන්නේ මූලික නීතිය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුවයි. එවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් බොහෝ විට ලෝක දේශපාලන තත්වයන් මත කාලෙන් කාලයට සංශෝධනයට ලක්වෙනවා. ඒක වළක්වන්න පුළුවන්කමක් නැහැ. බොහෝ සංශෝධනයන් ගෙන එන්නේ පාලනය හොබවන පාලකයින්. අරමුණ ලෙස හොඳ දේවල් කතා කළත් අතීතයේ සංශෝධන සිදුවූ අත්දැකීම වන්නේ එක්කෙනෙක් දෙන්නෙක්ගේ, පාලක පක්ෂවල බල වුවමනාවයි. 20වැනි සංශෝධනයේ විශේෂත්වය වන්නේ මෙම යෝජනාව පාර්ලිමේන්තුවට එන්නේ විපක්ෂයේ මන්ත‍්‍රීවරයෙකු මාර්ගයෙන්. ඔහුගේ දේශපාලන පක්ෂය අතීතයේ සිට ක‍්‍රියාත්මක වෙලා තිබෙන්නේ රටේ නීතිය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමේ අරගල තුළයි. එනිසා මෙම සංශෝධනය දිහා මතුපිටින් බැලූවාමත් අපිට පේන්න තියෙන දේ තමයි රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ගෙනා යෝජනාවක් ලෙසයි.
20වැනි සංශෝධනයේ අරමුණ වෙලා තිබෙන්නේ එක්කෙනෙක් දෙන්නෙක් අත තිබෙන බලය ඊට වඩා පහළට ගෙනඒමේ ක‍්‍රියාමාර්ගයන්. මෙම 20වැනි සංශෝධනය ක‍්‍රියාත්මක කරගන්න පුළුවන්කම ලැබුණොත් විධායකයේ තිබෙන අත්තනෝමතික බලය සහිත පාලන ක‍්‍රමයෙන් මිදී ප‍්‍රගතිශීලි දිශාවට හරවගන්න හැකියාව ලැබෙයි කියලා විශ්වාසයක් අපිට තිබෙනවා. ලෝකයේ බොහෝ රටවල අද සිදුවෙනමින් තිබෙන්නේ පවතින අත්තනෝමතික බල වහ්‍යූය වෙනස් වෙමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී දිශාවකට ගමන් කිරීමයි. අප වාද විවාද කළ යුත්තේ ප‍්‍රජාතන්තවාදය වර්ධනය කිරීමේ දිශාවටයි. මේ සම්බන්ධයෙන් ප‍්‍රතිවිරුද්ධව අදහස් ඉදිරිපත් වෙන ආකාරය බැලූවාම අපිට පේන්නේ බොහෝ පිරිස් 20වැනි සංශෝධනය හරිහැටි අධ්‍යයනය කර නැති බවක්. මධ්‍යස්ත මතධාරීන් ලෙස අප වාද විවාද කළ යුත්තේ මෙම සංශෝධනයෙන් සුළුවෙන් හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වර්ධනය කරගත හැකිද යන්න ගැනයි.
බලය අවශ්‍ය වන්නේ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීම සඳහායි. එසේ නැතිව ජනතාව මර්දනය කිරීම සඳහා නොවෙයි. අපේ රටේ ඉතිහාසයේ බලය ක‍්‍රියාත්මක වෙලා තිබෙන්නේ වගවීමෙන් තොරවයි. කොයිතරම්ද කියනවානම් වංචා දූෂණවලට සම්බන්ධ පුද්ගලයින් නැවත බලයට එනවා. චෝදනා ලැබූවන්ට එය අවමානයට ලැජ්ජාවට කාරණයක් නොව අභිමානයට කාරණයක් වෙලා. 20වැනි සංශෝධනයෙන් විධායකට සහ පාර්ලිමේන්තුව අතර බලය සමපාත කිරීමට යෝජනා කරන්නේ මේ වගවීමත් වර්ධනය කර ආකාරයටයි. ව්‍යාපාර කළමනාකරණයේදී ප‍්‍රධානියා වන්නේ ප‍්‍රධාන විධායක නිලධාරියායි. නමුත් ඔහු ගන්න තීන්දු තීරණ සලකා බලන්න අධ්‍යක්ෂක මණ්ඩලයක් පත්කරනවා. අධ්‍යක්ෂක මණ්ඩලයේ ප‍්‍රධානියා සභාපතිවරයායි. නමුත් මේ සභාපති තනතුර සහ ප‍්‍රධාන විධායක නිලධාරියා එක් පුද්ගලයෙක් නොවිය යුතුයි කියලා සම්ප‍්‍රදායක් තිබෙනවා. නමුත් අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවල තිබෙන්නේ එක් අයෙක් මත බලය කේන්ද්‍රවීමක්. ඒක හරියට නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියන කතාවට සමානයි. ඒ නිසා යම් යම් වගවීමක් සහිතව බලය බෙදාගැනීමක් කළ යුතුව තිබෙනවා. පාර්ලිමේන්තුව කියන පුළුල් මහජන නියෝජනයක් සහිත ආයතනයට, කමිටුවලට ඒ බලය බෙදීමක් කළ හැකියි. හොඳ පාර්ලිමේන්තුවක් හදාගැනීම ජනතාව සතු කාර්යභාරයක්.
20 සංශෝධනය සාර්ථක වූ පමණින් රටේ සියලූ ප‍්‍රශ්න විසඳෙන්නේ නැහැ. රටේ වර්තමානයේ ප‍්‍රධාන ප‍්‍රශ්නය ආර්ථිකයේ කඩාවැටීමයි. එය පිළිබඳව වෙනම සලකා බැලිය යුතුව තිබෙනවා. නමුත් අප මේ මොහොතේ 20ට පක්ෂ වන්නේ එයින් අපේ සමාජය ශිෂ්ඨසම්පන්න, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් කළ හැකි බවට තිබෙන විශ්වාසය නිසයි. මේ නරාවළෙන් ගොඩ එන්න පියවරෙන් පියවර තැබිය යුතුයි. 20 ගැන බුද්ධිමත් සංවාදයක් ගොඩනගා ගනිමු යැයි පැවසීය.
The post තනි පුද්ගලයෙකු මත බලය කේන්ද්‍රවීම නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියන කතාවට සමානයි.. appeared first on Lanka News Column.


0 Comments