Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රක්ෂණ වන්දි ගන්න සැමියා වංචා කරලා

ඒ බව නොදත් බිරිය සහ දරුවන් සියදිවි නසාගෙන

රක්ෂණ වන්දි ලබා ගැනීමේ අරමුණෙන් තමා මිය ගිය බව ඇඟවීමේ වංචාවක් කළ පුද්ගලයෙකුගේ බිරිය සහ දරුවන් දෙදෙනා, ඒ බව නොදැන සියදිවි නසා ගැනීමේ පුවතක් චීනයෙන් වාර්තා වේ. 35 හැවිරිදි තම ස්වාමිපුරුෂයා මිය ගිය බව විශ්වාස කළ 31 හැවිරිදි බිරිය තම හතර හැවිරිදි පුතා සහ තුන් හැවිරිදි දියණිය සමඟ මෙසේ සියදිවි හානි කර ගෙන තිබේ. මේ පුද්ගලයා තම මෝටර් රථය ගංගාවකට පෙරලී ගිය බව ඇඟවීමටයි කටයුතු කර ඇති අතර මෝටර් රථය ගංගාවේ තිබී හමුවුවද ඔහුගේ සිරුර හමු නොවීම සම්බන්ධයෙන් පොලීසිය විශේෂ පරීක්ෂණයක් සිදු කරමින් සිට තිබේ.

බිරිය හා දරුවන් මේ අතර මියගොස් ඇත. මේ සිද්ධිය ආරංචි වීමෙන් පසු සැකකරු හුනාන් පළාතේ ෂිංහුවා පොලිසිය වෙත පැමිණ භාර වී ඇත්තේ, පසුගිය සිකුරාදා ය.මේ වන විට එම පුද්ගලයා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();