අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සම්බන්ධයෙන් අමාත්‍ය මංගල සමරවීර සිදුකරන ඇතැම් ප්‍රකාශ ඉතා පිළිකුලෙන් යුතුව හෙළා දකින බව දේශවිමුක්ති ජනතා පක්ෂයේ උප සභාපති පූජ්‍ය ගලගම ධම්මරංසි හිමියන් පවසා සිටී. ඊයේ පැවති මාධ්‍ය හමු කිහිපයකදීම මංගල සමරවීර අමාත්‍යවරයාට එරෙහිව අදහස් පළ කළේය.
අමාත්‍ය මංගල සමරවීර පවසන පරිදි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට ජනප්‍රිය වීමට කිසිදු උවමනාවක් නොමැති බවත් උන්වහන්නේ අති උතුම් පාප් වහන්සේට පසුව සිටින ප්‍රධාන පුජකවරයෙක් බවද පූජ්‍ය ගලගම ධම්මරංසි හිමියන් පවසයි.
එමෙන්ම මෙවැනි අමාත්‍යවරු ඉවත් කිරිම ආණ්ඩුවේ වගකීම බවද උන්වහන්සේ ප්‍රකාශ කළේය.
මාධ්‍ය හමුව ඇමතු පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර ද අමාත්‍ය මංගල සමරවීර ගේ එම ප්‍රකාශය දැඩි ලෙස විවිචෙනය කළේය.
The post මංගල ආණ්ඩුවෙන් ඉවත් කළ යුතුයි. appeared first on Lanka News Column.


0 Comments