Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දේශපාලන සිරකරු උපවාසයට කොළඹත් එක්වේ.

Prisoner

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි දෙමළ දේශපාලන සිරකරුවන් 12දෙනකු ආරම්භ කළ මාරාන්තික උපවාසයට සහාය පළ කරමින් කොළඹ මැගසින් බන්ධනාගාරයේ දේශපාලන සිරකරුවන් 71 දෙනකුද අද (3) උපවාසයට එක්ව ඇති බව සඳහන් වේ.

සැප්තැම්බර් 14 දින සිරකරුවන් 8 දෙනකු අනුරාධපුර බන්ධනාගාරයෙන් ආරම්භ කළ මාරාන්තික උපවාසයට දින 20 ක් ගතවෙද්දී තවත් සිරකරුවන් සිව් දෙනකු එම උපවාසය හා එක්ව සිටින බවත් එක් උපවාසික සිරකරුවකු මේ වන විට බන්ධනාගාර රෝහලට ඇතුලත් කර සිටින බවත් දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය පවසා ඇත.

වසර 10 ට අධික කාලයක් නඩු කටයුතු අවසන් නොවීම නිසා බන්ධනාගාරගතව සිටින දේශපාලන සිරකරුවන් රජයට බල කර සිටින්නේ තමන්ට නිදහස ලබා දෙන ලෙසයි.

දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය පවසන පරිදි ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් බන්ධනාගාර ගත කර සිටින සමස්ථ දෙමළ දේශපාලන සිරකරුවන් 107 කි.

යුද සමයේ අත්අඩංගුවට ගත් 12000කට අධික හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පුනරුත්ථාපනය කොට සමාජගත කර ඇති තත්වයක් තුල සුළු පිරිසක් සිරකොට තබා ගැනීම අයුක්ති සහගත බව දේශපාලන සිරකරුවන්ගේ අරගලයට සහය දක්වන සමාජ කණ්ඩායම්වල මතය වී ඇති බව පැවසේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර එම පනත යටතේ බන්ධනාගාරගත කර සිටින සියලුම දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙස රජයට බල කරන දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කර ඇත්තේ රජය ඒ සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි.

මේ අතර දේශපාලන සිරකරුවන්ගේ අරගලයට සහාය දක්වමින් ඔක්තෝබර් 5 සිකුරාදා අනුරාධපුරයේදී විරෝධතාවයක් පවත්වන බවද එම සංවිධානය වැඩිදුරටත් දැනුම් දී ඇත.

The post දේශපාලන සිරකරු උපවාසයට කොළඹත් එක්වේ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();