තමන්ට බලය ලබා ගැනීමට පන්සල පාවිච්චි කරනවා නම් ඒක වැරදි බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ ගම්පෙරළිය සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ බලංගොඩ, රාස්සගල, බුලත්ගම රතනපාල පිරිවෙන් ප්‍රාකාරයට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරිය,
මම හිතනවා මට ඉන්න නායකයෝ දෙන්නා ධර්මය තුළින් ජීවිතය හැඩ ගසා ගත්තා මිසක් ආගම පාවිච්චි කරලා දේශපාලනය කරලා මල්වට්ටි උස්ස ගෙන ගිහිල්ලා මල්වට්ටි උස්සන් පන්සලක් ගානේ යන අය නෙවෙයි. පන්සලට ඇවිල්ලා දේශපාලනය කථා කරන අය නෙවෙයි, මට ඉන්න නායකයෝ. අපි ඒක ගැන බොහොම ගෞරවයෙන් කථා කරනවා අපිට ඒක ගැන ලොකු ආඩම්බරයක් තියෙනවා. තමන්ට බලය ලබා ගැනීමට පන්සල පාවිච්චි කරනවා නම් ඒක වැරදියි. විශේෂයෙන්ම මේ වගේ ආවේ නැත්නම් මම 2015, 2016 වර්ෂවල අපි ඇමතිවරු හැටියට ඉන්න කොට අපි ගියේ නැහැ කිසි දෙයක් බලන්න. එතකොට කියන්න පටන් ගත්තා ආණ්ඩුව වැඩ කරන්නේ නැහැ කියලා. ඒ නිසා මම විහාරස්ථානවලට අනිවාර්යයෙන්ම යනවා. මොක ද කියන්නේ අපි වැඩ කරන්නේ නැහැ ශාසනය ආරක්ෂා කරන්නේ නැහැ. අපේ බෞද්ධකම නැහැ කියලා ඔය ඔක්කොටම වැඩිය මට කියන්න පුළුවන් මට ඉන්න නායකයෝ දෙන්නා හොද බෞද්ධයෝ සහ ශාසනයේ පැවැත්ම වෙනුවෙන් මේ ගම්වල අහිංසක පන්සල්වලට අවශ්‍ය කරන කටයුතු කරපු නායකයෝ දෙන්නෙක්. ඉතිං ඒ වැඩ කටයුතු අපි ඉදිරියට කර ගෙන යනවා.
2015 ජනවාරි 08 මේ රජය බලයට පත් වුණායින් පස්සේ මේ රටේ දුෂ්කර ප්‍රදේශවල තිබෙන වෙහෙර විහාරස්ථාන ගොඩ නගන්න වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළා. ඒ සම්බන්ධයෙන් බෝඩ් අනවශ්‍ය ප්‍රචාර නොමැති නිසා ගොඩාක් අය දන්නේ නැහැ. ගම්වල තියෙන දුෂ්කර විහාරස්ථාන පිළිබදව අවධානය යොමු කළේ ගරු ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ නායකත්වය යටතේයි. ඒ සදහා 2016 වසර තුළ විහාරස්ථාන 1200 කුත් 2017 වසරේ විහාරස්ථාන 1000 කුත් සදහා ආධාර ලබා දුන්නා.උපකාර කළා. ඒ සදහා සියලු මුදල් යෙදෙව්වේ මධ්‍යම සංස්කෘතික අරමුදලින්. එම අරමුදලේ මුදල් මීට ඉස්සෙල්ලා සමහර අයගේ පුද්ගලික බූදල් බවට පත් වෙලා තිබුණා. ඒකේ තියෙන ශතයක්වත් මේ රටේ මුදල් නෙමෙයි. අපේ රටට පැමිණෙන විදේශිකයින් අපේ පුරා විද්‍යා ස්ථාන වන සීගිරිය දඹුල්ල අනුරාධපුර පොලොන්නරුව වගේ විහාරස්ථාන නරඹලා ගෙවන ඩොලර් තමයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් බවට පත් වුණේ. ඒවා අපි විහාරස්ථාන ගොඩනගන්න යෙදෙවුවා. මේක හැබැයි පන්සල දේශපාලනයට යොමු කරන වැඩ පිළිවෙළකට යොමු වුණේ නැතැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළාය.
The post බලය ලබා ගැනීමට පන්සල පාවිච්චි කරනවා නම් ඒක වැරදියි – ඇමතිනිය කියයි. appeared first on Lanka News Column.


0 Comments