Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අනූ හයේ සුපිරි තරු සහභාගීවන ඩෑඩ්ස් ක්‍රිකට් නොවැම්බරයේදී

“මයි ඩෑඩ්ස් මයි සුපර් ස්ටාර් - ඩෑඩ් ක්‍රිකට් තරගාවලිය...” තවත් එක් තරගාවලියක් නොවන බව අනූහයේ ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමේ නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කළේ වර්ථමානයේ සෝදා පාළුවට ලක්වෙමින් තිබෙන සමාජ සබඳතා මෙන්ම සංස්කෘතික පරිහානිය වැළැක්වීම සඳහාද මේ තරගාවලිය හරහා සමාජ ව්‍යාපාරයක් ගොඩනැගීමට අපේක්ෂා කරන බවයි.

“අනාගතයේ එක් දිනෙක නැවත වරක් ලෝක කුසලානය දිනා ගැනීමට නම් රටට ආදරය කරන, මුදල පසුපස නොයන, දක්ෂ තරුණ ක්‍රීඩකයන්ට ජාතික කණ්ඩායමේ ප්‍රමුඛතාව දීම වැදගත් වෙනවා. ඩෑඩ්ස් ක්‍රිකට් තරගාවලියේ මූලිකම අරමුණ වන්නේත් එවැනි දක්ෂ තරුණ ක්‍රීඩක ක්‍රීඩකයන් සමඟ ප්‍රවීණ, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්, පුහුණුකරුවන්, උපදේශකවරුන් සැබෑ ක්‍රීඩා ලෝලීන් එකට එක් කරන වේදිකාවක් නිර්මාණය කිරීම. එයින් අපේ තරුණ පරපුරට ක්‍රීඩා කෞශල්‍යය සහ විනය ගරුකබව මූලික කරගත් උපදෙස් මාලාවක් ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා” අර්ජුන රණතුංග මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ ඩෑඩ්ස් ක්‍රිකට් තරගාවලිය හඳුන්වාදීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි. එම මාධ්‍ය හමුව ජාතික පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී (16) පෙරේදා පැවැත්විණි.

ශ්‍රී ලංකාවට පළමුවරට හඳුන්වා දෙන ඩෑඩ්ස් ක්‍රිකට් තරගාවලියට එක් වන්නේ අනූහයේ ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් මෙන්ම ප්‍රවීණ ක්‍රීඩකයන් සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වේ. දිවයිනේ ප්‍රමුඛ පාසල් 18ක් නියෝජනය කරමින් ඔවුහු ක්‍රීඩා කරති. සමාරම්භක උළෙල නොවැම්බර් මස 2වැනිදා සවස 06.30ට කෝලට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර අවසන් තරගය නොවැම්බර් 18 වැනිදා මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක ධාරා මැද පැවැත්වේ. අනූහයේ ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමේ හෂාන් තිලකරත්න, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රවීන්ද්‍ර පුෂ්පකුමාර, උපුල් චන්දන මෙන්ම රෝයි ඩයස්, නුවන් සොයිසා ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් රැසක් එම අවස්ථාවට එක් වූහ.

ඡායාරූපය - චමින්ද නිරෝෂන

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();