ජාතික රූපවාහිණි සංස්ථාව මේ දිනවල සමාජ මාධ්‍ය තුළ විහාල වශයෙන්ම සාකච්ඡාවන මාතෘකාවක් බවට පත්ව ඇත. ඒ ජාතික රූපවාහිනියේ සිදුකරන්නට යන වෙනස් කිරීමක් සම්බන්ධයෙනි. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයකට ලක්වූයේ ජාතික රූපවාහිණියේ සලකුණ සැළලිහිණියා ඉවත් කර රූ ලෙසින් ඉංග්‍රීසි භාෂාවෙන් එන සළකුණක් යොදා ගන්නට සූදානම් වීම පිළිබඳවය.
මේ පිළිබඳ පළමු හෙලිදරව්ව පුද්ගලික රූපවාහිනී නාලිකාවකට අයත් පුවත්පතක් මඟින් සිදු කෙරුණු අතර එම පුවතත් සමඟ සමාජ මාධ්‍ය තුළ ලැව්ගින්නක් ලෙසින් මෙය පැතිරෙන්නට විය.
ඒ එල්ලවන චෝදනාවලට රූපවාහිනී සංස්ථාවේ සභාපති ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද ද සිය ෆේස්බුක් ගිණුමෙන් පිලිතුරු දී තිබුණු අතර එම පිළිතුරට දැඩි විවේචනයක් එල්ල වූයේ ඇය අසත්‍ය ප්‍රචාරයක් ගෙනියන බව පවසමිනි.
කෙසේ වෙතත් මේ පිළිබඳ අප කළ සොයා බැලීමකදී ආවරණය වුයේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පිළිබඳ ජනතා ආකර්ශනය අඩු වී ඇති මොහොතක වැඩි ජනතා ආකර්ශනයක් ඇති කර ගැනීම වෙනුවෙන් සිදුකළ සෘණාත්මක අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක් මෙලෙස ක්‍රියාත්මක වී ඇති බවයි.
එය තවදුරටත් තහවරු කරමින් ජාතික රූපවාහිනියේ නව අධ්‍යක්ෂ ජෙනරාල් සාරංග විජේරත්න සති අන්ත සිංහල පුවත් පතකට ප්‍රකාශයක්ද නිකුත් කර තිබුණි. එම සම්මුඛ සාකච්ඡාවේදී එය මෙහෙයවූ මාධ්‍යවේදියා සාරංග විජේරත්නගෙන් විමසා තිබුණේ මෙය රූපවාහිනියේ ගරිල්ලා මාර්කටින් වැඩක් ද යන්නයි. නමුත් ඊට සෘජු පිලිතුරක් දීමට සාරංග විජේරත්න අපොහොසත් වී අති අතර ඔහු එහිදී ලබා දී ඇති පිළිතුර මෙසේය.
ඒක එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මොකද අපිව විවේචනය කලේ රටේ නම ගිය පුද්ගලයෝ. කැළුම් පාලිත මහීරත්න, විනී හෙට්ටිගොඩ වගේ අය. ඉතින් අපේ රූ බ්‍රෑන්ඩ් එක මිලියන ගාණක් වියදම් කරලා කරගන්න බැරි ප්‍රචාරණය මේ වන විට අපි සමාජ මාධ්‍ය හරහා අරගෙන ඉවරයි යනුවෙනි.
සාරංගගේ මේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ යම් කිසි සැලසුමකට අනුව ජාතික රූපවාහිනිය විසින් සිය ඩිජිටල් මාධ්‍ය සඳහා වු නව සන්නාමය ප්‍රවර්ධන කටයුතු මෙසේ සිදු කර ඇති බවයි.
කෙසේ නමුත් ජාතික රූපවාහිනියේ සභාපතිනිය මෙන්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ද පැහැදිළිවම ප්‍රකාශ කරන්නේ ඔවුන් රූපවාහිනියේ සැළලිහිණියා ලකුණ කිසි ලෙසකින්වත් වෙනස් නොකරන බවත් ඩිජිටල් මාධ්‍ය වෙනුවෙන් පමණක් රූ සන්නාමය යොදා ගන්නා බවයි.
The post රූපවාහිණියෙන් සැළලිහිණියා යයි? appeared first on Lanka News Column.


0 Comments