බීමතින් රිය ධාවනය කොට විශ්වවිද්යාල සිසුන් දෙදෙනෙකු අනතුරට පත්කිරීමේ චෝදනා ලැබ සිටින ක්රිකට් කීඩකයෙකු වන රමිත් රඹුක්වැල්ල වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ රථ වාහන මහේස්ත්රාත් චන්දන කලංසූරිය නියම කර තිබේ. රමිත් රඹුක්වැල්ල අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත්රාත්වරයා එලෙස නියම කර ඇත.
2018 මාර්තු මස 09 වැනිදා හෝ ඊට ආසන්න දිනයක නාරාහේන්පිට ලේක් ඩ්රයිව්හිදී බීමත්ව, අධික වේගයෙන්, අපරික්ෂාකාරී අන්දමින්, රිය ධාවනය කොට යතුරුපැදියක ඝට්ටනය කොට එහි ගමන්ගත් දෙදෙනෙකු අනතුරට පත්කොට බරපතළ තුවාල කිරීම සම්බන්ධයෙන් වූ චෝදනා විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කොට ඇත.
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරු අධිකරණයේ පෙනී සිට නැති අතර නීතිඥ නෙරන්ජන් ඊරියගොල්ල කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයා රෝගී වී ඇතැයි දැනුම් දුන්නේය.
නමුත් සැකකරුගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් වෛද්ය වාර්තාවක් ඉදිරිපත් කොට නොමැති බව සඳහන් කළ මහේස්ත්රාත්වරයා මෙලෙස සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් වරෙන්තු නිකුත් කර ඇත.
The post රමිත් රඹුක්වැල්ල වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න. appeared first on Lanka News Column.


0 Comments