මේ වනවිට කොළඹ තත්ත්වය සාමාකාමීව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර තිබේ. එමෙන්ම යම් හේතුවක් මත මහා මාර්ග අවහිරතාවයක් ඇති වුවහොත් ඒ පිළිබඳ මාධ්‍ය තුළින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව ද පොලිසිය සඳහන් කර සිටී.
මේ අතර ජනබලය විරෝධතා රැළිය හේතුවෙන් ජනාධිපති කාර්යාලය අසල මේ වනවිට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවත් ජනාධිපති කාර්යාලය අසල සහ ලෝටස් මාර්ගය ආසන්නයේ පොලිස් නිලධාරින් සහ පොලිස් ජල බවුසර් යොදවා ඇති බවත් සඳහන් වේ.
කෙසේ වෙතත් මේ වනවිට ජනාධිපති කාර්යාලය අසල සහ ඒ අවට සාමකාමී වතාවරණයක් පවතින බවද ගමනාගමන කටයුතු සාමාන්‍ය අයුරින් සිදුවන බවත් වාර්ථා වන අතර ලොටස් වටරවුම සහ එම මාර්ගයේ සිට ජනාධිපති කාර්යාලයට පිවිසේ මාර්ගය අසලට පොලිස් මාර්ග බාධක ගෙනවිත් ඇති අතර පොලිසියේ හදිසි දැනුම් දීමට නිවේදනය සඳහා ශබ්ද විකාශන යන්ත්රද ගෙනවිත් ඇති බව සඳහන් වේ.
මේ අතර විහාරමහා දේවී උද්‍යානය අසලට පොලිස් බල ඇනියක් යොදවා ඇති බවත් ටවුන්හෝල් ප්‍රදේශයේ වෙනදාට පවතින මාර්ග තදබදයක් අද දිනයේ දක්නට නොලැබෙන බවත් සඳහන් වේ. එමෙන්ම කොළඹ, මරදාන ප්‍රදේශයේද මේ වන විට සාමකාමී වතාවරණයක් පවතින බවත් මරදාන දුම්රිය පොල අසලද පිරිසක් පැමිණ රැස්ව තිබෙන බවත් සඳහන් වේ.
The post කොළඹ තවම සාමකාමීයි! ජනපති කාර්යාලයට දැඩි ආරක්ෂාවක්.. appeared first on Lanka News Column.
0 Comments