2018 වැටුප් වැඩි කිරිම මගින් සිදුකරන ලද පොදු වැටුප් වැඩි කිරීමට අමතරව විධායක නිලධාරින් වෙනුවෙන් සිදුකර ඇති විශේෂ වු වැටුප් වැඩි කිරිම හේතුවෙන් විධායක හා විධායක නොවන් ශ්‍රේණින් අතර බරපතල වැටුප් විෂමතාවක් නිර්මාණය වී ඇති බව සමස්ත ලංකා වරාය පොදුසේවක සමිතිය පවසා සිටී.
එය නිවැරදිකර ගැනීම සදහා වෘත්තිය සමිතිය ගනු ලැබු ක්‍රියා මාර්ග හමුවේ කුපිත වී ඇති පාලකයින් හා පාලක වෘත්තිය සමිති අප වෘත්තිය සමිතියේ නායකයින් සාමාජිකයින් ස්ථානමාරු කරමින් පළිගැනිමට කටයුතු කර ඇති බවත් සඳහන් කර සිටී.
සේවක මර්ධනය පරාජය කර සාධාරණ වැටුප් වැඩි කිරිමක් දිනා ගැනී සදහා වරාය පාලනාධිකාරියට බල කිරිම වෙනුවෙන් පැවැත්විමට කටයුතු යොදා ඇති උද්ඝෝෂණයක් හෙට (06) දවල් 12.00 ට කොටුව ඛාන් ඔරලෝසු කණුව ඉදිරිපිට පැවැත්වෙන බවත් සමස්ත ලංකා වරාය පොදුසේවක සමිතිය වැඩිදුරටත් සඳහන් කර සිටී.
The post වෘත්තිය සමිති මර්ධනයට එරෙහි උද්ඝෝෂණය හෙටයි. appeared first on Lanka News Column.
0 Comments