Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහින්දගේ විශේෂ සාකච්ඡාව.

Mahinda-Rajapaksa-on-the-way-to-Palestine

ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ගේ හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ප‍්‍රධානත්වයෙන් අද (04) පස්වරුවේදී කොළඹ, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්වීමට නියමිත බව සඳහන් වේ. ඒ අනුව පක්‍ෂ නායක රැස්වීම පස්වරු 5.00ට ආරම්භ වීමට නියමිත බවත්  පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම පස්වරු 7.00ට ආරම්භ වීමට නියමිත බවත් පැවසේ.

ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කරනු ලබන “ජනබලය කොළඹට“ විරෝධතා රැළිය පවත්වන ස්ථාන පහ සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතය බවත්  විරෝධතාවය පවත්වනු ලබන ස්ථාන පහ පිළිබඳව ඊට පසුදින (05) නිවේදනය කෙරෙන බවත් සඳහන් වේ.

එමෙන්ම මෙම විරෝධතාවය ඉතාම සාමකාමීව පවත්වන බවත් ආණ්ඩුව දක්වන ප‍්‍රතිචාරය අනුව විරෝධතාවය දිගටම පවත්වනවාද නැද්ද යන්න තීරණය කරන බවත් ඒකාබද්ධ විපක්ෂය සඳහන් කර තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා පවසා ඇත්තේ රටපුරා සිටින ලක්ෂ සංඛ්‍යාත පිරිසක් කොළඹට පැමිණ විරෝධතාවේ යෙදිය යුතු ආකාරය පිළිබඳව යෝජනා කිහිපයක්ම ඉදිරිපත් කර තිබෙන බවත් ඒ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන බවත්ය. එමෙන්ම ‘ජනබලය කොළඹට’ විරෝධතා ව්‍යාපාරය මර්දනය කිරීමට ආණ්ඩුව ක්‍රියා කළහොත් ඊට මුහුණ දියයුතු ආකාරය සහ ජනබලය කොළඹට විරෝධතා ව්‍යාපාරය සාර්ථක වීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා කරන බව ද මන්ත්‍රිවරයා සඳහන් කර තිබේ.

The post මහින්දගේ විශේෂ සාකච්ඡාව. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();