අතුරුදන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලයේ සාමාජිකයින්ට දීමනා ලබාදීම සඳහා වූ යෝජනාව අද(04) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව සඳහන් වේ. එම යෝජනාව මඟින් අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපතිවරයාට රුපියල් ලක්ෂයක මාසික දීමනාවක්, දුරකථන දීමනා, මාසිකව ඉන්ධන ලීටර් 225ක් සහිතව නිල වාහනයක් ලබාදීමට නියමිතයි.
අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සාමාජිකයින් සඳහා මාසිකව රුපියල් 75,000ක දීමනාවක් ද දුරකථන දීමනාවක් ද, ප්‍රවාහන දීමනාවක් ද ලබාදීමට යෝජනා වී ඇති බවත් පැවසේ. අදාළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ බව සඳහන් වෙයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත අතුරුදන් වූවන්ගේ කාර්යාලය සඳහා සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් හත් දෙනෙකු පසුගිය පෙබරවාරි මාසයේ දී පත් කරනු ලැබීය. එම කාර්යාල සාමාජිකයින්ගේ වැටුප් ඇතුළු දීමනා පාර්ලිමේන්තුව විසින් තීරණය කළ යුතු අතර එය රජයේ ඒකාබද්ධ අරමුදලට වැය බරක් වන පරිදි ගෙවීම සිදුකළ යුතු වෙයි.
The post අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපතිට ලක්ෂයක දීමනාවක්. appeared first on Lanka News Column.


0 Comments