මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් ඉදිකිරීමට යෝජිත හෝමාගම තාක්ෂණ නගරය වෙනුවෙන් රජය මගින් තෝරාගත් ඉඩම් රජයට පැවරීම සඳහා වන එකඟතා සාකච්ඡාවක් අද අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණ. ඊට හඳුනාගත් ඉඩම් කොටස් පහේම පාර්ශවකරුවන්ට ආරාධනා කර තිබූ අතර ඉන් පාර්ශව තුනක් අද සාකච්ඡාවට එක් වී තිබේ.
ඒ අනුව ජෛව තාක්ෂණ පර්යේෂණ ගොඩනැගිලි ඉදිකිරීමට යෝජිත දඹුගොල්ලවත්ත ප‍්‍රදේශයේ අක්කර 13 ක් රජයට පැවරීමට එකඟතාවයට එළඹී ඇති අතර තවද, ආතර් සී. ක්ලාක් පර්යේෂණ මධ්‍යස්ථානය ඉදිකිරීමට යෝජිත හොරගොල්ලවත්ත භූමියෙන් අක්කර 11 කට හිමිකම් කියන පාර්ශවයන් විසින් සිය එකඟතාවය ද ලබාදී ඇත. දැනට ඉදිකිරීම් සිදු කරන අලූබෝගහවත්ත භූමියෙන් අක්කර 5 ක කොටසකට ද අදාල එකඟතාවයන් සඳහා අද උදෑසන පැවැති සාකච්ඡාවේදී එළඹී ඇත. අද දිනයේ සාකච්ඡාවට පැමිණීමට නොහැකි වූ අදාල ඉඩම්වල හිමිකාරීත්වය දරණ පාර්ශවකරුවන්ට නැවත සාකච්ඡාවකට ආරාධනාවක් සිදු කරන බව ද ව්‍යාපෘති කාර්යාලය ප‍්‍රකාශ කර සිටී.
අද දවසේ තාක්ෂණ නගරය වෙනුවෙන් ඉඩම් රජය වෙත පැවරීමට එකඟවූ පාර්ශවයන් ප‍්‍රකාශ කර සිටියේ, රටේ ඉදිරි සංවර්ධනයට ඍජුව දායක කර ගත හැකි පළදායී තාක්ෂණ නගරයක් බිහි කිරීමට තමන්ගේ පූර්ණ දායකත්වය ලබාදෙන බවයි. දැනට ඉතා සුළු පිරිසක් විසින් වෙනත් අරමුණු මුල් කර ගනිමින් සිදු කරනු ලබන අසත්‍ය ප‍්‍රචාර වෙනුවට විධිමත් දැනුවත් කිරීමේ ක‍්‍රමවේදයක් ගම තුළ සිදු කරන ලෙස ද ඔවුන් විසින් ඉල්ලා සිටියේ ය.
ඉදිරි දින හත ඇතුළත අදාල භූමි ප‍්‍රදේශයන් හි විධිමත් මැනීම් කටයුතු සිදු කිරීමට ව්‍යාපෘති කණ්ඩායම සහ නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරන බවත් ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ඉඩම් අක්කර 450 න් මේ වන විටත් අක්කර 200 ක් රජය වෙත පවරාගෙන ඇති අතර ඉදිරි පවරාගැනීම්වලදී ද කිසිඳු ආකාරයක අක‍්‍රමිකතාවයක් හෝ අපහසුතාවයක් ඇතිවන ආකාරයෙන් කටයුතු නොකිරීමට ව්‍යාපෘති කණ්ඩායම කටයුතු කරන බවට ව්‍යාපෘති අධ්‍යක්‍ෂවරයා පෙන්වා දී ඇත. දැනට පවරාගෙන ඇති ඉඩම්වල වන්දි මුදල් ලබාදීමට විධිමත්ව සිදුවෙමින් පවතින අතර එය ඉදිරි දින 30 ඇතුළදී සම්පූර්ණයෙන්ම සිදුකර අවසන් කරන බවද අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳහන් කර සිටී.
The post හෝමාගම තාක්ෂණ නගරයට ඉඩම් ලබාදීමට පාර්ශව තුනක එකඟත්වය. appeared first on Lanka News Column.

0 Comments