මීට මාස දෙකකට පෙර යුරෝපීය කාන්තා ආධුනික ගොල්ෆ් ශූරතාව දිනූ ස්පාඤ්ඤ ක්‍රීඩිකා සිලියා බර්කුයින් ඝාතනයට ලක්වෙයි. අමෙරිකාවේ ඒම්ස් ප්‍රාන්තයේ ගොල්ෆ් පිටියේ තිබී ඊයේ ඇගේ මළ සිරුර සොයා ගත් බව එම ප්‍රාන්තයේ පොලීසිය සඳහන් කරයි.
ඝාතනයට ලක්වූ 22 හැවිරිදි සිලියාගේ හිසෙහි, ගෙල පෙදෙසේ සහ සිරුරේ තුවාල කිහිපයක් දක්නට ලැබුණු බව පොලීසිය කියයි. ඇය ලෝවා විශ්ව විද්‍යාලයේ සිසුවියක වන අතර මෑත කාලයේ දී ඝාතනයට ලක්වූ දෙවැනි විශ්ව විද්‍යාලයීය සිසුවිය වේ. ඇය මියයාමට පෙර බරපතල ලෙස පහර දීමකට ලක්වී ඇතැයි පොලිසිය සැක පහළ කරයි.
යුරෝපා ආධුනික ගොල්ෆ් ශූරතාවට හිමිකම් කී ඇය ලබන වසරේදී බ්‍රිතාන්‍ය වෘත්තීය කාන්තා විවෘත තරගාවලියට සහ මේ වසරේ අමෙරිකානු වෘත්තීය කාන්තා විවෘත තරගාවලියට සුදුසුකම් ලබා සිටියාය.

0 Comments