සියලුම ජනවර්ගවලට අයත් ශිෂ්‍යාවන් සඳහා ත්‍රෛභාෂා මාධ්‍යයන්ගෙන් අධ්‍යාපනය ලබා දීම සඳහා නව ජාතික පාසලක්, කොළඹ දිස්ත්‍රික්කයේ පිහිට වීමට යෝජනා වී ඇති බව සඳහන් වේ. ඒ අනුව මෙම පාසල ත්‍රෛභාෂා මිශ්‍ර ජාතික පාසලක් ලෙස රුපියල් මිලියන 900 ක ආයෝජනයක් සහිතව වැල්ලවත්ත ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවත් පැවසේ.
මෙම පාසල සඳහා අවශ්‍ය පහසුකම් සලසා ගැනීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
The post කොළඹට නව ජාතික පාසලක්. appeared first on Lanka News Column.


0 Comments