Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විජයකලා ව්‍යවස්ථාව උල්ලංඝණය කළාද? කථානායක යළි විමසයි.

vijekala-maheshwaran

හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේශ්වරන්, එල්ටීටීඊ සංවිධානය යළි ගෙන ආ යුතු බවට කළ ප්‍රකාශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනයවී ඇත්දැයි යන්න පැහැදිලිව දැනුම් දෙන්නැයි නීතිපතිවරයාට යළි සිහි කැඳවීමක් කිරීමට කතානායක කරු ජයසූරිය  තීරණය කර ඇතැයි සඳහන් වේ. මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය සඳහන් කරමින් එවා ඇති ලිපියෙහි විජයකලා මහේශ්වරන්ගේ ප්‍රකාශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇත්දැයි යන්න නිශ්චිතව සඳහන් නොවන හෙයින් ඒ ගැන දැනුම් දෙන්නැයි ඉල්ලා කතානායකවරයා  නීතිපතිවරයාට මෙසේ යළි සිහි කැඳවීමක් කරන බව කතානායක කාර්යාලීය ආරංචිමාර්ග සදහන් කර තිබේ.

විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය ගැන නීතිපතිවරයාගේ මතය සඳහන් ලිපිය කතානායකවරයාට ඊයේ ලැබී තිබුණ අතර එම ලිපියෙන් නීතිපතිවරයා කතානායකවරයාට දැනුම් දී ඇත්තේ විජයකලා මහේෂ්වරන් කළ ප්‍රකාශය පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ කටයුතු කරන ලෙසය. මේ සම්බන්ධයෙන් ස්ථාවර නියෝග යටතේ කටයුතු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන නොමැති නම් ස්ථාවර නියෝග සංශෝධනය කිරීමෙන් හෝ පාර්ලිමේන්තුවේ පොදු එකඟත්වය මත හෝ කටයුතු කළ හැකි බවට ද නීතිපතිවරයා උපදෙස් දී ඇත.

The post විජයකලා ව්‍යවස්ථාව උල්ලංඝණය කළාද? කථානායක යළි විමසයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();