මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාලයේ දේපළවලට අලාභහානි සිදුකිරීමේ නඩුව සම්බන්ධයෙන් මුලතිව් දිස්ත්‍රික්කය නියෝජනය කරන උතුරු පළාත් සභා මන්ත්‍රී ටී.රවිහරන් ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකුට නැවත මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ එළඹෙන ඔක්තෝම්බර් 30 වැනිදා පෙනී සිටින ලෙස මුලතිවි මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇතැයි වාර්ථා වේ. පසුගිය 02 වැනිදා මුලතිව් ධීවර සංගම් පැවැත්වු විරෝධතාවයකදී රවිහරන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාලයේ දේපළ වෙත හානි පමුණවා තිබීම සම්බන්ධයෙන් වන නඩු විභාගය ඊයේ කැඳවු අවස්ථාවේදී මුලතිව් මහේස්ත්‍රාත්වරයා එලෙස නියෝග කර ඇත.
මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාලයේ දේපළ වෙනුවෙන් හානි කිරීම සම්බන්ධයෙන් යොමුකළ පැමිණිල්ලක් මත මුලතිව් පොලීසිය විසින් සිදුකළ පරීක්ෂණයන් අනුව පළාත් සභා මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ ඉදිරිපත් කොට තිබිණ.
මුලතිව් දිස්ත්‍රික්කය තුළ වෙනත් දිස්ත්‍රික්කයන්හි ධීවරයින්ට මසුන් ඇල්ලීමට අවසරය ලබානොදෙන ලෙසට හා තහනම් දැල් ආම්පන්න යොදා සිදුකරන ධීවර කටයුතු නවතා දමන ලෙසට ආදි ඉල්ලීම් ගණනාවක් ඉල්ලමින් රවිහරන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිස විරෝධතාවයක් පැවැත්වු අතර, උද්වේගී ලෙස හැසිරුණ පිරිස් මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාලයේ දේපළ වෙනුවෙන් හානි පමුණවා තිබිණ.
සැකකාර පළාත් සභා මන්ත්‍රීවරයා ඇතුළු පිරිස මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් නිදහස් කරනු ලැබීය. සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
The post පළාත් සභා මන්ත්‍රී ටී.රවිහරන්ට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග. appeared first on Lanka News Column.


0 Comments