Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොමිසමේ නිර්දේශ අහෝසි කරන්නැයි පෙත්සමක්.

Court

බරපතළ වංචා පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ අහෝසි කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් වරයා සහ එහි හිටපු නියෝජ්‍ය කළමනාකරු විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ලෙනාඩ් රවීන්ද්‍ර මාර්ක් සහ එහි හිටපු නියෝජ්‍ය කළමනාකාරවරයකු වන එම්. ඒ. නිශාන්ත විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර ඇත.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස බරපතළ වංචා පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ඇතුළුව සාමාජිකයන් සහ නීතිපතිවරයා නම් කර ඇති බව පැවසේ.

පෙත්සම්කරුවන් කියා ඇත්තේ පසුගිය රජය සමයේ සුනාමි අනතුරු ඇගවීමේ කුළුණු ඉදිකිරීමේ කටයුතු සඳහා ප්‍රතික්ෂේප කරන ලද ටෙන්ඩරයක් ලබාදීම තුළින් රජයට පාඩුවක් සිදු කර ඇති බවට චෝදනා කරමින් බරපතළ වංචා පිළිබඳ සොයාබැලූ ජනාධිපති කොමිසම විසින් තමන්ට එරෙහිව නිර්දේශයක් සිදුකර ඇති බවයි. එමෙන්ම මේ හරහා රජයට පාඩු සිදු කිරීම වෙනුවෙන් අල්ලස් පනත යටතේ ක්‍රියාමාර්ග ගන්නා මෙන් එම කොමිසම අල්ලස් කොමිසමට නිර්දේශ කර ඇති බවද පෙත්සමෙන් සඳහන් වන බවත් පැවසේ.

අදාළ කොමිසම විසින් එම නිර්දේශ සිදුකර ඇති ආකාරය නීතියට පටහැනි බවත් එම නිසා ඒවා බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

The post කොමිසමේ නිර්දේශ අහෝසි කරන්නැයි පෙත්සමක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();