Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සමූහ මිනී වලෙන් සිරුරු 104ක් හමුවෙයි.

Mannar_Massgrave

මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනි වල තුළින් මිනිස් සිරුරු 104 කට අදාළ අස්ථි කොටස් මේ වන විට හමුවි ඇති බව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.රාජපක්ෂ සඳහන් කර සිටී. ‍ ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ සොයාගත් අස්ථි කොටස්වලින් මිනිස් සිරුරු 104 කට අදාළ අස්ථි කොටස් ක්‍රමානුකූලව මතුකර ගැනීමට හැකිවී ඇති අතර, ඉන් සිරුරු 96 කට අදාළ කොටස් කැනීම් මඟින් ඉවත් කර ගැනීමට හැකිවි ඇති බවයි.

එමෙන්ම පළමු හා දෙවන අදියර යටතේ වලවල් තුළින් පස් ඉවත් කිරීම සිදුකොට ඇති බවත්, තවදුරටත් පරීක්ෂණ පවත්වන සීමාව විශාල කිරීම සිදුකිරීමට අවශ්‍ය වනු ඇතැයිද වෛද්‍ය නිලධාරීවරයා පවසා සිටී.

විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් පවසා සිටින්නේ වල තුළින් ගොඩගත් සිරුරු 96 කට අදාළ අස්ථි ‍තමන්ගේ භාරය යටතේ මන්නාරම අධිකරණ සංකීර්ණයේ විශේෂිත කුටියක තැන්පත් කොට ඇති බවත්, ගොඩගත් අස්ථි කොටස් කාබන් පරීක්ෂා කිරීමක් වෙනුවෙන් කැලිෆෝනියාවේ කාබන් පරීක්ෂා කිරීමේ රසායනාගාරයක් වෙත යැවීමට නියමිත බවත්ය. එමෙන්ම අස්ථි කොටස්වල කාබන් පරීක්ෂාව වෙනුවෙන් කැලිෆෝනියාව වෙත යැවීමට තමන් අධිකරණ අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කොට ඇතත්, අදාළ ඉල්ලීම වෙත මේ වන තෙක් අනුමැතිය නොලැබේ ඇති බවද ඔහු ප්‍රකාශ කර සිටී.

මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබීය.

The post සමූහ මිනී වලෙන් සිරුරු 104ක් හමුවෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();