රුපියල් ලක්ෂ 70 කට ආසන්න වටිනාකමකින් යුත් ‘අයිස්’ නැමති මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කෙසෙල්වත්තේ ඉමිතියාස් බයර් නොහොත් රිස්කියාස් නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ ගෝලයකු, වැල්ලවත්ත දිසා දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන් වේ.
අලුත්කඩේ අබ්දුල් හමීඩ් වීදියේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු සන්තකයේ අයිස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 502ක් සහ මිලි ග්‍රෑම් 400 ක් තිබු බව පොලීසිය සඳහන් කර ඇත.
සැකකරු අද මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඉමිතියාස් බයර් නොහොත් රිස්කියාස් නැමැත්තා මේ වන විට අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයිද පොලීසිය සඳහන් කර තිබේ.
The post “අයිස්” මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට. appeared first on Lanka News Column.


0 Comments