Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වියට්නාම සරණාගතයන් රැගත් බෝට්ටුවක්  වසර හතරකට පසු ඔස්ට්‍රේලියාවට. 

01

වසර හතරකට පසු ඔස්ට්‍රේලියාවේ ඩේන්ට්‍රි ආසන්න ප්‍රදේශයකට සරණාගතයන්  රැගත් බෝට්ටුවක් පැමිණ ඇති බව  ඕස්ට්‍රේලියානු රජය පවසයි. ඕස්ට්‍රේලියාව පවසන්නේ මෙම බෝට්ටුව වියට්නාමයෙන් පැමිණ ඇති බව ය. බලධාරීන් පුද්ගලයන් 15 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් පිරිසක් කේන්ස් නගරයට උතුරින් පිහිටි කඩොලාන බිම් අතරේ සැඟව ඇතැයි සිතන බව පොලිසිය කියා සිටී.

ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය පීටර් ඩටන් පෙන්වා දෙන්නේ වියට්නාමයෙන් පැමිණ ඇති මෙම යාත්‍රාව “දින 1,400 ට වඩා වැඩි කාලයකට පසු” පැමිණි පුද්ගල ජාවාරමට අදාළ පළමු යාත්‍රාව වන බවය.

ඩේන්ට්‍රි ආසන්න ප්‍රදේශයකට පසුගිය ඉරිදා (අගෝස්තු 26)  සේන්දු වූ යාත්‍රාවේ කොපමණ පිරිසක් සිටියේද යන්න හෝ ඕස්ට්‍රේලියාවේ රැකවරණ ඉල්ලුම් කිරීමේ සැලසුමක් ඉන් කොපමණ පිරිසකට තිබුණේද යන්න ඔවුන් පවසා නැත. ප්‍රදේශයේ නගරාධිපතිනිය ජුලියා ලෙව්‍ පවසා තිබුණේ, ඔවුන් “කිඹුලන්ගේ වාසභූමියක තමන්ගේ ජිවිත අනතුරට හෙළා ඇති බව,”ය.

තමන්ගේ මුහුදු සීමාවට ඇතුළුවන යාත්‍රා සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව දැඩි විමසිල්ලකින් පසුවේ. ඒ අනුව, නිත්‍යානුකුල නොවන ආගමන, කල්වේලා ඇතිව හඳුනාගනු ලැබේ.

“පැහැදිලිවම එහි අසමත් වීමක් තියෙනවා. මේ යාත්‍රාව නිසි ලෙස හඳුනාගෙන නැහැ,” පීටර් ඩටන් ඔස්ට්‍රේලියා මාධ්‍යයට පැවසී ය.

වියට්නාමයෙන් ඔස්ට්‍රේලියාව බලා සෘජුව ම පැමිණ ඇති මෙම පිරිස කිසිදු රැඳවුම් කඳවුරක නොරඳවන බවත්, ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඒ සියලු දෙනාම වියට්නාමයට නැවත පිටුවහල් කරන බවත් ඔස්ට්‍රේලියා බලධාරීහු පවසති.

‘අපේ දේශ සීමා ආරක්ෂණ හා සංක්‍රමණික ප්‍රතිපත්ති කිසිදු ලෙසකින් ලිහිල් ව හෝ වෙනස් ව නෑ. එම ප්‍රතිපත්ති තවදුරටත් ශක්තිමත් අයුරින් ක්‍රියාත්මකයි‘ යැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය පීටර් ඩටන් සිහිපත් කරයි.

මීට පෙර ඔස්ට්‍රේලියා රැකවරණ පතා පැමිණි පුද්ගලයන් මුහුදෙන් එතෙර නාවුරු සහ පැපුවා නිව් ගිනිහි මැනුස් දුපත්වල පිහිටි සරණාගත රැඳවුම් මධ්‍යස්ථාන වෙත යැවිණි. සරණාගතයන් ලෙස හමුවූ අයට පවා ඕස්ට්‍රේලියාවේ නැවත පදිංචිය සඳහා අවස්ථාව නොදෙන්නේ, අනාගත සංක්‍රමණ අධෛර්යමත් කිරීමේ අරමුණින් සැකසුණු අර්බුධකාරී ප්‍රතිපත්තිය අනුවය.

02

The post වියට්නාම සරණාගතයන් රැගත් බෝට්ටුවක්  වසර හතරකට පසු ඔස්ට්‍රේලියාවට.  appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();