Ticker

6/recent/ticker-posts

Header Ads Widget

“වාරණයේ උදහසට එරෙහිව කලාවේ නිදහස”.

 Pubudu_Jayagoda

වත්මන් ආණ්ඩුව විසින් කලා කෘති වාරණය කිරීම සහ ප්‍රකාශන නිදහස උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විරෝධය පළකරන ‘වාරණයේ උදහසට එරෙහිව කලාවේ නිදහස’ නමින් මාධ්‍ය හමුවක් ඊයේ කොළඹදී පැවැත්විණි.

අසංක සායක්කාරගේ ‘මං කෙළින් මිනිහෙක්‘ නාට්‍ය, ශ්‍රීනාත් චතුරංගගේ ‘බුදුන්ගේ රස්තියාදුව“ කෘතිය සහ මාලක දේවප්‍රියගේ ගුවන් විදුලි නාට්‍ය වාරණය කරමින් ආණ්ඩුව ගෙන යන ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාදාමය සම්බන්ධයෙන් කලාකරුවෝ රැසක් එහිදී අදහස් පළ කළහ.
එසේම වත්මන් ආණ්ඩුව බලයට පැමිණෙන විට ‘ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය‘ අහෝසි කරන බවට දුන් පොරොන්දුව ඉටු කරනවා වෙනුවට එම ආයකනය හරහා කලාකෘති වාරණය කිරීම පිළිබද කලාකරුවෝ දැඩි විරෝධයක් පළ කළහ.
‘වාරණයේ උදහසට එරෙහිව කලාවේ නිදහස’ යන තේමාවෙන් කැදවන ලද මේ මාධ්‍ය හමුවේදී අදහස් පළ කරමින් ආණ්ඩුවේ වාරණයට විරෝෙධය දැක්වූ කලාකරුවන්, වාමාංශික ක්‍රියාකාරින් සහ විද්වතුන් මෙසේය.
ප්‍රසන්න විතානගේ,  ධර්මසිරි බණ්ඩාරනායක, ලූෂන් බුලත් සිංහල, අශෝක හදගම,   උපුල් ශාන්ත සන්නස්ගල, කේ.කේ. සමන් කුමාර, නදීකා බණ්ඩාර, විමුක්ති ජයසුන්දර, රාජිත දිසානායක, බූපති නලීන් වික්‍රමගේ, ප්‍රියන්ත කොඩිප්පිලි, මාලක දේවප්‍රිය, ජෙහාන් ශ්‍රී කාන්ත, අසංක සායක්කාර, ශ්‍රීනාත් චතුරංග, තුමිදු දොඩන්තැන්න, ජගත් මනුවර්ණ, සංජීව පුෂ්පකුමාරවිදර්ශන කන්නංගරපුබුදු ජයගොඩ,නිර්මාල් රංජිත් දේවසිරි  අතුලසිරි සමරකෝන්
එසේම මේ අවස්ථාවේදී ආණ්ඩුවේ කලා වාරණයට විරෝධය දක්වමින් චාන්දනී සෙනෙවිරත්න, දමයන්ති ෆොන්සේකා, කත්‍යානා අමරසිංහ, හෙන්රි වර්ණකුලසූරිය, මොහන්රාජ් මඩවල,  ජයන්ත අමරසිංහ, අජන්ත අලහකෝන්, සහන් කසීර වික්‍රමසිංහ, චන්දන සිරිමල්වත්ත, නදී වාසලමුදලිආරච්චි, මලිත් හෑගොඩ ආදි වශයෙන් තවත් කලාකරු, මාධ්‍යවේදී සහ සමාජ ක්‍රියාකාරිහු රැසක් සහභාගි වූහ.
“කලා කෘති වලට එල්ල කෙරෙන පාලකයන්ගේ මර්දන තර්ජන පරදවමු!“ සහ “කලාවේ නිදහස වෙනුවෙන් එක්වෙමු!“  යන තේමා පාඨ එහිදී ඉදිරිපත් කරණ ලදී.

The post “වාරණයේ උදහසට එරෙහිව කලාවේ නිදහස”. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();