Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආසියානු පිහිනුම් තටාකයේ ඉහළම ශ්‍රී ලාංකේය දස්කම් මැතිව්ගෙන්

Author(s): 
නිරෝෂාන් ප්‍රියංකර

දහ අටවැනි වරට ඉන්දුනීසියාවේ ජාකර්තා නුවරදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ඉතිහාසයේ පිහිනුම් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව හිමිකරගත් ඉහළම ස්ථානය ලබාදීමට මැතිව් අබේසිංහ ඊයේ සමත් විය.

මීටර් 100 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ අවසන් තරගයේදී තත්පර 49.28ක කාලයක් වාර්තා කළ මැතිව් සමස්ත තරගයේ 6 වැනි ස්ථානයට පත්වූ අතර පිිහිනුම් ක්‍රීඩාවෙන් ආසියානු ක්‍රීඩා උළෙලකදී හිමිවූ ඉහළම ස්ථානය ලෙස එය සටහන් වෙයි.

කෙසේ වෙතත් මෙය මැතිව්ගේ මේ ඉසව්වේ හොඳම කාලය නොවන අතර ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන ඔහු මේ වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී තත්පර 49.11කින් තරගය නිම කර තිබේ.

ඊයේ පෙරවරුවේ පැවැති මේ ඉසව්වේ 6වැනි මූලික තරගයට එක්වූ මැතිව් තත්පර 49.48ක කාලයක් සමගින් තෙවැනි ස්ථානය දිනා ක්‍රීඩකයන් 48ක් එක්වූ සමස්ත තරගයේ සිවුවැනි තැන අත්කර ගනිමින් අවසන් තරගයට සුදුසකම් ලැබීය.

මේ තරගාවලියේ මැතිව් එක්වූ පළමු තරගයේදී මීටර් 200 නිදහස් ආර ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීම ද මැතිව් සමත් විය.

මේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ජපානයේ ෂින්රි ෂියෝවුරා දිනාගත් අතර ජපානයේම කට්ෂුමි නකමුරා රිදී පදක්කමත්, චීනයේ හෙක්සිං යූ ලෝකඩ පදක්කමත් දිනා ගත්හ.

තරගයෙන් අනතුරුව ‘දිනමිණ’ට අදහස් දැක්වූ මැතිව් පැවැසුවේ පළමු මීටර් 50 අවසන් කිරීමට මීටර් 15ක් තිබියදී තමාගේ අතින් ප්‍රමාදයක් සිදුවූ බවයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙවැනි දස්කමක් කළ ඉහළම ක්‍රීඩකයා වීම සතුටට කරුණක් බවත්, පදක්කමක් අහිමිවීම ගැන ගනගාටුවක් තිබුණත් 2020 ඔලිම්පික් උළෙල සඳහා හොඳ සූදානමකින් පසුවන බවත්ය.

“මම තමයි පළමු ශ්‍රී ලාංකිකයා අවසන් තරගයට පැමිණි. මේක ශ්‍රී ලංකා පිහිනුම් ඉතිහාසයේ හොඳ ප්‍රතිඵලයක්. මම ගොඩක් සතුටු වෙනවා ආසියාවේ අන්තිම 6ට එන්න පුළුවන් වීම ගැන. මම හිතනවා ලංකාව වෙනුවෙන් මෙච්චර කල් තරග කරන්න ලැබීමක් සතුටක්. මම තමයි ලංකාවේ ඉන්න හොඳම පිහිනුම් ක්‍රීඩකයා. මම දන්නවා ලංකාව මම වෙනුවෙන් ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නවා කියලා. මම තමයි ඔලිම්පික් උළෙලක් නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකික පිහිනුම් ක්‍රීඩකයා. මේ තරගාවලියත් එකක් මගේ දස්කම් වැඩිවුණා. මගේ දක්ෂතා වැඩි කරගෙන 2020 ඔලිම්පික් උළෙලටත් සූදානම්” යැයි ඔහු පැවැසීය.

“මගේ තාත්තා තමයි මට අවුරුදු 10ක් තිස්සේ පුහුණුවීම් කරන්නේ. ඔහු නිතරම මගෙත් එක්ක ඉන්නවා. එක මට ලොකු ශක්තියක්”

තම සොයුරාගේ දස්කම්ද අගය කළ ඔහු ක්‍රීඩා උළෙලින් පසුව නැවත නිවසට ගොස් අමෙරිකාවේ පුහුණුවීම්වලට යෑමට සූදානම් බවත් කියා සිටියේය.

බුලුන්ගාහී ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් පිල ඊයේ වියට්නාමය සමගින් මූලික වටයේ දෙවැනි තරගයට එක්විය.

තියුණු මුහුණුවරක් ගත් තරගයේ පළමු වටය ලකුණු 25-23ක් ගත් අතර දෙවැනි හා තෙවැනි වටයන් ශ්‍රී ලංකාව ජය ගත්තේ ලෙසිනි. වියට්නාම කණ්ඩායම පළමු තරගයේදී ප්‍රබල චීන කණ්ඩායම පරාජය කළද දෙවැනි තරගයේදී ශ්‍රී ලංකාව හමුවේ පරාජය වීම විශේෂත්වයකි.

එම ඉසව්වෙන් තරග වැදුණු ඔහුගේ සොහොයුරු කයිල් අබේසිංහ මූලික වටයේ 5 වැනි තරගයේ තෙවැනි තැන දිනා ගත්තද ඔහුට හිමිවූයේ සමස්ත ක්‍රීඩකයන් අතරේ 13 වැනි ස්ථානයයි.

අකලංක පීරිස් ඊයේ සිය ඉසව් අවසන් කරමින් මීටර් 200 පසුපස ආර මූලික වටයේ 2 වැනි තරගයට එක්වූ අතර විනාඩි 2:12.14ක කාලයක් වාර්තා කළ ඔහුට හිමිවූයේ 6 වැනි ස්ථානයයි. ක්‍රීඩකයන් 22ක් එක් එම ඉසව්වේ ඔහු 16 වැනියා බවට පත්විය.

එම ඉසව්වේ තෙවැනි මූලික වටයේ තරගයේදී අකලංක පීරිස් තත්පර 25.20ක කාලයක් සමගින් දෙවැනි ස්ථානයට පත්වුවද ක්‍රීඩකයන් 41ක් එක්වූ සමස්ත තරගයෙන් හිමිවූයේ 25 වැනි ස්ථානයයි. මෙය අකලංකගේ හොඳම කාලය වන අතර මින් පෙර ඔහු මේ ඉසව්ව සඳහා තත්පර 25.32ක කාලයක් ගත කර තිබිණි.

එම ඉසව්වේ 6වැනි මූලික තරගයට එක්වු චෙරන්ත ද සිල්වා තත්පර 26.36ක් සමගින් 8 වැනි ස්ථානයට පත්වූ අතර සමස්ත ක්‍රීඩකයන් අතරේ 26 ස්ථානය හිමිවිය.

ශ්‍රී ලංකා පිරිමි කබඩි කණ්ඩායම ඊයේ කොරියාව සමගින් තරග වැදුණු අතර ඉන් ශ්‍රී ලංකාවට ලකුණු 33-22ක ජයක් අත්විය. තරගයේ පළමු භාගයේදී ලකුණු 15-8ක් ලෙස කොරියාව පෙරමුණේ පසුවූ අතර දෙවැනි භාගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විශිෂ්ට ක්‍රීඩා විලාශයක් පෙන්වමින් කොරියාව සමග කරට කර තරගයක නිරත විය. එහිදී ශ්‍රී ලංකාව ලකුණු 14ක් සහ කොරියාව ලකුණු 18ක් රැස්කර ගත්තේය.

මේ පරාජයත් සමගින් ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවත්වූ අතර අවසන් පූර්වට කොරියාව, ඉරානය, ඉන්දියාව සහ පාකිස්තානය සුදුසුකම් ලැබූහ.

ශ්‍රී ලංකා බීච් වොලිබෝල් කණ්ඩායම නියෝජනය කරමින් අසංක ප්‍රදීප් කුමාර සහ සශිමාල් මලින්ත යාපා සහභාගිවූ මූලික වටයේ අවසන් තරගයෙන් කටාරය හමුවේ ලකුණු 2-0කින් පරාජයට පත්විය. මේ සමගින් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයෙන් ඉවත් වීමට සිදුවිය. ‘බී’ කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා පිල කොරියානු එකාබද්ධ කණ්ඩායම පමණක් පරාජයට පත්කළ අතර කසකස්තානය හමුවේ 2-0කින් පරාජයට පත්ව තිබිණි.

මේ අතර ස්කොෂ් ඉසව්වේ 32 දෙදෙනාගේ වටයේදී පිරිමි කේවල ඉසව්වෙන් තරග කළ වකීල් ශමීල් වට 3-0කින් (11-2, 11-2, 11-1) ඉන්දීයාවට පරාජය වූ අතර රවිඳු ලක්සිරි මැලේසියානු ක්‍රීඩකයා හමුවේ වට 3-0කින් පරාජයට පත්විය. ලකුණු තත්ත්වය වූයේ 11/8, 11/7 සහ 11/9කි. කාන්තා කේවල තරගවලට එක්වූ ෆාතිමා ඉසඩීන් ජපානයේ සටෝමි වටනබේ හමුවේ වට 3-0කින් (11/7, 11/9ක් සහ 11/6)කින් පරාජයට පත්වූ අතර මිහිලියා මෙත්සරණී ද මැලේසියාවේ සිවසංගරි සුබ්‍රමනියම් හමුවේ වට 3-0කින් පරාජයට පත්වූවාය. වට 3 ම නිමාවූයේ ලකුණු 11-6ක් ලෙසිනි.

ශ්‍රී ලංකා පිල සහභාගීවන මූලික වටයේ අවසන් තරගය හෙට (25) චීනය සමගින් පැවැත්වෙයි.

පිරිමි හොකී කණ්ඩායම අද (24) හොංකොං පිල සමග තරග වැදීමට නියමිත අතර පිරිමි බාස්කට­්බෝල් කණ්ඩායම වියට්නාමය සහ සත්කාරක ඉන්දුනීසාය සමගින් තරග වදිති.

මෙවර ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව පදක්කම් පිළිබඳ බලාපොරොත්තු තබා ඇති ඉසව්වක් වන බොක්සිං තරගද අද ආරම්භ වෙයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();